SRILANKAN NEWS

වෛද්‍ය ප්‍රතිකාර ප්‍රති‍ක්‍ෂේප කරමින් උපවාසය තවඳුරටත්, සිව්දෙනෙකුගේ තත්වය අසාධ්‍යයි..

අතුරුදහන් කරනු ලැබුවන් පිළිබද තොරතුරු හෙළි කරන ලෙස ඉල්ලා වව්නියාවේ මාරාන්තික උපවාසයක නිරතව සිටින පිරිස අතර අසනීප තත්ත්වයට පත්වූ සිව්දෙනෙකු තමන්ව රෝහලට ඇතුලත් නොකරන ලෙස පවසා තිබේ.

පසුගිය දින හතරක් තිස්සේ ආහාරද වර්ජනය කරමින් උපවාසයේ නිරතව සිටින අතර ආහාර නොගැනීම හේතුවෙන් ඇතමුන් සිහිය නැති තත්වයේ සිටින අතර, ඔවුන්ගේ ග්ලුකෝස් ප්‍රමාණයද අඩුවී ඇති බව පැවැසේ.

උපවාසයේ නිරතවන පිරිසට සහාය පළ කරමින් ඊයේ දින දිනක සංකේත උපවාසයක නිරතවූ මවකු අසනීපවීම හේතුවෙන් වව්නියාව රෝහලට ඇතුලත් කර තිබේ. තවද මෙම උපවාසයේ නිරතවන්නන් සමඟ යාපනය ඇතුළු සෙසු ප්‍රදේශවල තරුණයන්ද එක්වී සිටිති.