SRILANKAN NEWS

අතුරුදන්වූවන්ගේ ඥාතීන්ට පැහැදිළි පිළිතුරක් ලබාදිය යුතුයි – සම්බන්‍ධන්

අතුරුදන්වූවන්ගේ ඥාතීන් ඉදිරිපත් කර ඇති ඉල්ලීම සාධාරණීයයි. ඔවුන්ගේ ප්‍රශ්ණයට සාධාරණීය පිළිතුරක් ලබාදිය යුතු බව විපක්‍ෂ නායක හා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්‍ධන් මහතා පවසයි.

යාපනය දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලයේදී අද (26) දින පැවැති විදේශ කටයුතු අමාත්‍යංශයේ කාර්‍යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගිවෙමින් සම්බන්‍ධන් මහතා මේ බව පවසා සිටියේය.

මාස කිහිපයකට පෙර වව්නියාවේ සංචාරයක නිරතවූ අවස්ථාවක එහි මව්වරුන් සහ කාන්තාවන් බොහෝ දෙනෙකු මාව හමුවිය, අනතුරුව එම කාරණාව පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කර විවාදයක් පැවැත්වුයෙමු. ඉන්පසු මාස කිහිපයකින් අතුරුදන්වූවන් සඳහාවූ කාර්‍යාලයක් විවෘත කරන බවට තීරණය කර එය පනතක් ලෙස විවිද ගැටළු මැද පාර්ලිමෙන්තුවේදී සම්මත කෙරුණි.

එම පනත මෙතෙක් ක්‍රියාත්මක කර නැහැ, මෙම මව්වරුන්, කාන්තාවන් සහ දරුවන් ඉල්ලා සිටින්නේ කුමක් ද? තම ඥාතීන්ට සිදුවුයේ කුමක් දැයි දැන ගැනීමට කැමැත්තෙන් සිටිනවා, හමුදාව හා පොලිසිය විසින් අත්අඩංගුවට ගත් තම දරුවන් සහ සැමියන්ට සිදුවුයේ කුමක්ද යැයි දැන ගැනීමට කැමැත්තෙන් සිටිනවා. ඔවුන් ජීවතුන් අතර සිටිනවාද නැද්ද යැයි පැහැදිළි පිළිතුරක් ලබාදිය යුතු බව ඉල්ලා සිටිනවා.

ඔවුන්ගේ සාධාරණීය ඉල්ලීමක් මෙම තත්වය දිගටම නොතිබිය යුතුයි. සත්‍යතාවය දැනගෙන ජනතාවගේ සිත්වල සාමය ඇතිවිය හැකි අයුරින් එයට පිළිතුරු ලබාදිය යුතුයි. එම ජනතාවට සැනසීමක් ලබාදිය යුතුයි. එම ජනතාවගේ හිතට සැනසීමක් ඇති වන අයුරින් තීරණයක් ගෙන නිළ තීරණයක් ලෙස එළිදැක්විය යුතුයි. මෙම ජනතාවගේ මාරාන්තික උපවාසයෙහි ඇති සාධාරණත්වය කිසිවකුට ප්‍රතික්‍ෂේප කළ නොහැකි බව සම්බන්‍ධන් මහතා එහිදී වැඩිදුරටත් පවසා සිටියේය.