දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතාව ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් සැලසුම් කර ඇති බව පැවැසේ. මේ සම්බන්‍ධයෙන් තොරතුරු අනාවරණයවීමත් සමඟම උතුරේ බුද්ධි අංශ කටයුතු පුළුල් කර ඇති බව ද වාර්තාවේ.
පුනරුත්තාපනය කර නිදහස් කල කොටි සාමාජිකයින් හතර දෙනෙකු විසින් පසුගිය දෙසැම්බර් 20 ජනවාරි13 සහ ජනවාරි 24 දිනවලදී ඒ සඳහා උත්සාහ කර ඇති බවද වාර්තා වී තිබේ. සුමන්දිරන් මහතාගේ ජීවිතයට දැඩි තර්ජනයක් පවතින හෙයින් එය ගැන වැඩි විමසිල්ලකින් සිටින ලෙස අග්‍රාමාත්‍ය කාර්‍යාලය සුමන්දිරන් මහතා දැනුවත් කර තිබේ.
තමන්ට ආරක්‍ෂක තර්ජනයක් ඇතිවී තිබෙන බවට රජය දැනුම් දුන් බවත්, පසුගිය 13 වනදා තමන්ව ඝාතනය කිරීමට ඇතමුන් සැලසුම් කර තිබූ බවට තොරතුරු ලැබී ඇතැයි ද සුමන්දිරන් මහතා පවසා තිබේ.
මෙම තත්වය යටතේ ඒ මහතාට ලබාදී ඇති ප්‍රභූ ආරක්ෂාව වැඩි කිරීමට රජය පියවර ගෙන තිබේ.
Add Comment