රජය විසින් ලබාදුන් පොරොන්දු නිහතමානීව ඉටු නොකළේ නම් එමඟින් රටේ අනේපක්‍ෂිත තත්වයක් ඇතිවිය හැකි බවට විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතා පවසා තිබේ.
එම්. එච්. මොහොමඩ් මහතාගේ ශෝක යෝජනාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (27 වැනිදා) අදහස් දක්‌වමින් සම්බන්‍ධන් මහතා මේ බව පවසා තිබේ.
ප්‍රජාවන් අතර සමගිය, සහයෝගය ඇති කිරීමට එම්. එච්. මොහොමඩ් මහතා කැපවී කටයුතු කළ බවත් රටේ තිබුණු ජාතික ගැටලුව ගැන එතුමා ලොකු අවධානයක් යොමු කළ අතර එයට විසඳුමක් ඉදිරිපත් කළ යුතු යැයි දැඩි කැමැත්තකින් සිටි බව පෙන්වාදුන් සම්බන්‍ධන් මහතා කෙසේ නමුත් එදා ඔහු සමඟ සමීපතවම සිටි දේශපාලන නායකයන් ලබාදුන් පොරොන්දු ඉටුනොකළ බව ද පවසා තිබේ.
එම තත්වය අදටත් පවතින අතර ජාතික ප්‍රශ්ණය ගැන ජනාධිපති මැතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ලබාදුන් පොරොන්දු ඉටු නොකළේ නම් වැළැක්විය නොහැකි තත්වයක් ඇතිවීම කිසිවකුට මැඩපැවැත්විය නොහැකි බව සම්බන්‍ධන් මහතා වැඩිදුරටත් පවසා තිබේ.
Add Comment