යුද අපරාධ කළා නම් දඬුවම් ලබාදිය යුතුයි – සරත් ෆොන්සේකා

යුද අපරාධ සිදු කළ පුද්ගලයින් සිටී නම් නිලතල හෝ තරාතිරම නොබලා දඬුවම් ලබාදිය යුතු බව අමාත්‍ය, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඊයේ (28) පස්වරුවේ මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් ප්‍රකාශ කරමින් අමාාත්‍යවරයා මේ බව පවසා තිබේ.

සමහර වෙලාවට ලක්ෂ දෙකක හමුදාවේ හත් අට දෙනෙක් නොහිටියා වෙන්නත් බැහැ. නොහිටියා නම් එකත් මම හිතන්නේ යථාර්තවාදී නැහැ, ලොව වෙනත් රටවල හමුදා තුළත් එවැනි පුද්ගලයන් අතලොස්සක් දැකිය හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top