සීමා නීර්ණ වාර්තාව මසකින් ගැසට් කරනවා – ෆයිසර් මුස්තාපා

සීමා නීර්ණ වාර්තාව මසක් ඇතුළත ගැසට් කරන බවට පළාත් සභා හා පළාත්පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අද (30) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

සීමානිර්ණය අවසන් කළ පළාත්පාලන ආයතනවල මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බව ඉල්ලා ෆැපරල් සංවිධානය විසින් ගොනු කරන ලද පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී අමාත්‍යවරයාගේ නීතිඥවරයා විසින් මේ බව දැනුම් දී තිබේ.

වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ නිළධාරින් සහ විෂය භාර ඇමැති ෆයිසර් මුස්තාපා මහතා නම් කර ඇති අදාළ පෙත්සම ප්‍රියසාද් ඩෙෆ්, උපාලි අබේරත්න, සහ අනිල් පෙරේරා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා තිබුණි.

පෙත්සම් විභාගය මාර්තු 13 වන දින යළි කැඳවීමට අධිකරණය විසින් තීන්දු කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top