SRILANKAN NEWS

ශ්‍රී ලංකාව පිළිබඳව තවත් යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඇමරිකාව තීරණය කරයි!

එක්සත් ජාතීන් මානව හිමිකම් සභාවේදී පසුගිය 2015 වසරේ සම්මත කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනා කෙටුම්පතයෙහි සඳහන් කරුණු ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය තවඳුරටත් ප්‍රමාද කරන හෙයින්, එය ක්‍රියාත්මක කිරීම සඳහා කාල වකවානුවක් ලබාදීමේ කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට ඇමරිකාව සූදානම් වන බව වාර්තාවේ.

ඇමරිකානු ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ධූරයට පැමිණ දින හතරකින් පසු ට්‍රම්ප්ගේ නියෝජිතයාා ලෙස දකුණු හා මධ්‍යම ආසියාතික කටයුතු භාර ඇමරිකාවේ සහකාර ලේකම් අන්ජුලා පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවූහ. එහිදී ඉකුත් යෝජනාව ගැන පවසා ඇති බව රාජතාන්ත්‍රික ආරංචි මාර්ගවලින් වාර්තාවේ.

ට්‍රම්ප්ගේ පාලනයේදී ශ්‍රී ලංකාව පිළිබඳ ඇමරිකාවේ විදේශ කටයුතු ප්‍රතිපත්තිය වෙනසක් වනු ඇති බවට පවසන නමුත්, එය ප්‍රතික්‍ෂේප කළ ඇමරිකානු නියෝජිතවරයා, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කළ යුතු කරුණු රැසක් පවතින බවත් ශ්‍රී ලංකාව පිළිබඳ ඇමරිකාවේ ස්ථාවරයෙහි කිසිඳු වෙනසක් නොමැති බවද සඳහන් කර තිබේ.