පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අධිකරණයෙන් අවසර..

වෛද්‍ය උපාධිය මුදලට විකුණන මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා පිටවන සිසුන් වෛද්‍ය සභාවේ වෘත්තිකයින් ලෙස ලියාපදිංචි කරන ලෙස අභියාචනාධිකරණය අද (31) වෛද්‍ය සභාවට නියෝග කර තිබේ.

ඒ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලැබූ සිසුන් දෙදෙනකු ගොනු කළ රිට් පෙත්සමක් විභාගයට ගනිමිනි.

අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන විජිත් මළල්ගොඩ සහ එස්. තුරෙයිරාජා මහත්වරුන්ගෙන් යුත් විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබා දී ඇත.

වෛද්‍ය සභාව, උසස් අධ්‍යාපන ඇමැති, උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් යන අය වගඋත්තරකරුවන් කරමින් පෙත්සම ගොනු කර තිබිණි.

මෙයට සමගාමීව සයිටම් ආයතනය අහෝසි කරන්නැයි ඉල්ලමින් අද (31) දිනද අලුත් කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් පැවැත්විණි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය විසින් මෙය සංවිධානය කර තිබූ අතර අද දහවල් කොළඹ ජාතික රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top