WORLD NEWS

ඇෆ්ගනිස්තාන IS නායකයා මරුට.

Hafiz Saeed Khan_CIIS  ත්‍රස්ත සංවිධානයේ ඇෆ්ගනිස්තාන නායකයා ජීවිතක්ෂයට පත්ව ඇති බව ඇමෙරිකාව පවසයි.

IS  ත්‍රස්ත සංවිධානයේ ඇෆ්ගනිස්තාන නායකයා ලෙස සැලකෙන හෆීස් සයීඩ් ඛාන් (Hafiz Saeed Khan ) මෙලෙස ඝාතනයට පත්ව තිබේ.

ඇමරිකානු ගුවන් හමුදාව සිදුකළ ප්‍රහාරයකින් ඔහු මිය ගොස් තිබේ. මීට පෙර පසුගිය වසරේදීද ඇෆ්ගනිස්තාන බුද්ධි අංශ සහීඩ් ඛාන් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව ප්‍රකාශ කල ද එම සංවිධානය තම නායකයා ජිවිතක්ෂයට පත්වූ බව ප්‍රතික්ෂේප කර තිබුණි.

කෙසේ නමුත් Hafiz Saeed Khan ගුවන් ප්‍රහාරයකින් මිය ගොස් ඇති බවට ඇමරිකාව යළි ප්‍රකාශ කර තිබේ.