SRILANKAN NEWS

යාපනය දිස්ත්‍රික්ක ලංගම බස්රථ රියදුරන් හා සේවකයින් වැඩ වර්ජනයක

ලංගම බස්රථ සේවකයාට පරහදීම හෙලාදැක සහ වව්නියාව බස් නැවතුම්පල තමන්ට ලබා දෙන ලෙසත් ඉල්ලා ලංගම බස්රථ රියදුරන් හා සේවකයින් උතුරු පළාතේ සියළුම ධාවන කටයුතුවලින් ඉවත්වී සිටියි.

ඉකුත් විරෝධතාවයට සහාය පළ කර අද දින යාපනය දිස්ත්‍රික්කයේ ලංගම බස්රථ රියදුරන් හා සේවකයින් වැඩ වර්ජනයක්ද ආරම්භ කර තිබේ.

වව්නියාවේ මෑතකදී විවෘත කරන ලද බස් නැවැතුම්පලේ බස් රථ නවතා තැබීම සම්බන්‍ධයෙන් පෞද්ගලික බස් රියදුරන් සහ ලංගම රියදුරන් අතර මතභේදාත්මක තත්වයක් පවතියි. මෙවැනි තත්වයකදී ඊයේ බදාදා දින වව්නියාවේදී ලංගම බස් රියදුරුවරයකුට පහරදී තිබුණි.

ඉකුත් පහරදීමේ සිද්ධිය හෙලාදැක සහ පහරදුන් පුද්ගලයන්ව වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත්, අලුතින් විවෘත කරන ලද වව්නියාව බස් නැවැතුම්පල ලංගම බස් නැවැතුම්පල ලෙස ප්‍රකාශයට පත්කරන ලෙසත් ඉල්ලා උතුරු පළාත් ලංගම බස්රථ රියදුරන් හා සේවකයින් මෙලෙස විරෝධතාවයක් ආරම්භ කර තිබේ.