කිලිනොච්චිය වට්ටකච්චිය ප්‍රාථමික විද්‍යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කරයි..

කිලිනොච්චිය වට්ටකච්චිය ප්‍රාථමික විද්‍යාලයේ පංති කාමර ගොඩනැගිල්ල අද බ්‍රහස්පතින්දා දින විවෘත කර තිබේ. පළාත් සභාව සඳහා වෙන්කළ සංවර්ධන මුදලින් මෙම ගොඩනැගිල්ල ඉදිකර තිබේ.

වී ගබඩා ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය වට්ටකච්චිය ප්‍රාථමික පාසල අද සිට නව ගොඩනැගිල්ලක පවත්වාගෙන යෑමට හැකිවීම ගැන සතුටට පත්වන බව විදුහල්පතිවරයා ඇතුළු ප්‍රදේශවාසීන් පවසා තිබේ.

පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට උතුරු පළාත් මහ ඇමැති සී.වි විග්නේෂ්වරන් මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවූ අතර පාර්ලිමෙන්තු මන්ත්‍රී ශ්‍රී. සිරිදරන්, උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන් වන තවනාදන්, අරියරත්තිනම්, පසුපතිපිල්ලේ, ඇතුළු පිරිසක්ද සහභාගිවූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top