යුනෙස්කෝ අධ්‍යක්ෂ ජෙනරාල් අද දිවයිනට

unesco_CIයුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් Irina Bokova මහත්මිය ඇතුලු දූත පිරිසක් නිල සංචාරයක් සඳහා අද (13) සවස දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තාවේ.

හෙට 14 වන දා සිට ලබන 17 වන දා දක්වා ඇය ශ්‍රී ලංකාවේ රැඳී සිටින අතර, හෙට (14) ලෝක උරුම ස්ථානයන් වන පොලොන්නරුව හා සීගිරිය නැරඹීමට ද ඇය එක්වීමට නියමිත බවත්, ලබන 15 වැනි දා මහනුවරට පැමිණෙන Irina Bokova මහත්මිය ශ්‍රී දළදා වහන්සේ වැද පුදා ගැනීමෙන් අනතුරුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ පේරාදෙණිය රාජකීය  උද්භිද උද්‍යානයේ සංචාරය කිරීමට නියමිතය.

ලබන 16  වැනි දා කොළඹ දී මෙරට විද්‍යාඥයින් 200 දෙනෙකු සමඟින් විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ අභියෝග හා නව ප්‍රවණතා පිළිබඳව සංවාදයකට එක්වන ඇය ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ දී සාමය හා සංවර්ධනය පිළිබඳ විශේෂ දේශනයකට එක් වේ.

ලබන 17 වැනි දා මෙරට එක්සත් ජාතීන්ගේ නියෝජිත කණ්ඩායම හමුවන ඇය ඉන් අනතුරුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ නිවසේ දී ජනාධිපතිතුමන් සමඟ ද්විපාර්ශවික සාකච්ඡාවකට එක්වීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top