SRILANKAN NEWS

ධීවරයන් එක්රැස්වීමට අධිකරණයෙන් තහනම් නියෝගයක්

යාපනය දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලය ඉදිරිපිට ධීවරයන්ගේ ප්‍රශ්ණ සම්බන්‍ධ රැස්වීමක් පැවැත්වීමට නියමිත බවත් එයට තහනම් නියෝගයක් පනවන්නැයි ඉල්ලා පොලිසිය විසින් අධිකරණ නියෝගයක් ලබාගෙන තිබේ.

නිදහස් දිනය වූ අද දින යාපනය දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලය අසල උතුරු පළාත් සභාවේ එම්.කේ. සිවාජිලිංගම්, සහ ආනන්දි සසිදරන් යන මන්ත්‍රීවරුන් විසින් ධීවර ප්‍රශ්ණය ගැන රැස්වීමක් පැවැත්වීමට තීරණය කර ඇති බවත්, ඒ සඳහා නුවර මාර්ගය අවහිර කිරීමට ද ඔවුන් තීරණය කර ඇති බව පොලිසිය විසින් අධිකරණය දන්වා එම රැස්වීමට තහනම් නියෝගයක් ලබාගෙන තිබේ.

කෙසේ නමුත් අද දින සිවාජිලිංගම් සහ ආනන්දි සසිදරන් ඇතුළු පිරිස අතුරුදන්වූවන් පිළිබඳ තොරතුරු හෙළිකරන ලෙසත්, දෙමළ දේශපාලන සිරකරුවන්ව නිදහස් කරන ලෙසත් ඉල්ලා විරෝධතාවක් පවත්වා තිබුණි.

ධීවර ගැටළු සම්බන්‍ධයෙන් යාපනය දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලය ඉදිරිපිට නුවර මාර්ගය අවහිර කරමින් විරෝධතා පැවැත්වීමට තමයි අධිකරණය විසින් තහනම් නියෝග පනවා ඇති හෙයින් තමන් පවත්වන්නේ වෙනත් විරෝධතාවක් බැවැන් දිගටම සිය විරෝධතාවය පවත්වාගෙන යන බව පවසා සිවාජිලිංගම් සහ ආනන්දි සසිදරන් ඇතුළු පිරිස විරෝධතාවය දිගටම පවත්වාගෙන ගියෝය.