ඉන්දියාවේ ප්‍රාන්ත පහක මැතිවරණ ඇරඹෙයි

ඉන්දියාවේ ප්‍රාන්ත පහක මැතිවරණ අද (04) ආරම්භ කෙරුණ අතර දස ලක්ෂ සංඛ්‍යාත ජනතාව ඔවුන්ගේ ඡන්දය ප්‍රකාශ කළහ.

ඉන්දියාවේ වත්මන් ආණ්ඩුව ඉහළ-වටිනාකමක් සහිත මුදල් නෝට්ටු අවලංගු කිරීමෙන් පසුව පවත්වනු ලබන මෙම ප්‍රාන්ත මැතිවරණ අගමැති නරේන්ද්‍ර මෝදිට විශාල අභියෝගයක් වන බවක් දකින්නට ලැබෙයි.

ප්‍රාන්ත පහක මැතිවරණ ආරම්භ කරමින් ඉන්දියාවේ උතුරු ප්‍රාන්තයක් වන පන්ජාබ් සහ බටහිර ඉන්දියාවේ ගෝවේ ප්‍රාන්තයේ මැතිවරණ අද පැවැත්විණි.

උත්තර් ප්‍රදේශ් ඉන්දියාවේ වැඩිම ජනගහනය සහිත ප්‍රාන්තයයි. එම ප්‍රාන්තයේ මැතිවරණය පැවැත්වෙන්නේ අදියර හතකිනි. හිමාලයා, උත්තර්කාන්ද් සහ මනිපූර් මැතිවරණ පැවැත්වෙන සෙසු ප්‍රාන්ත වෙති.

– බීබීසී –

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top