අගමැති චීනයේ සංචාරයක

China srilanka_CIඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දින 5ක නිල සංචාරයක් සඳහා ඊයේ රාත්‍රියේ චීනය බලා පිටත්ව ගියේ ය. අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, පාඨලී චම්පික රණවක යන මහත්වරුන් ඇතුළු 17 දෙනෙකුගෙන් යුතු නියෝජිතයන් පිරිසක් මෙම සංචාරයට එක්ව සිටිති.

නිරිතදිග චීනයේ පවතින කර්මාන්තපුර, බහාලුම් පර්යන්ත, තාක්ෂණික උද්‍යාන, මූල්‍ය මධ්‍යස්ථාන, නිර්මාණාත්මක නිෂ්පාදන ආයතන ආදී ස්ථාන මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ නිරීක්ෂණය කිරීමට නියමිත අතර, චින ආධාර මත කොළඹ ඉදිකරන පෝරට් සිටි මූල්‍ය නගරය සම්බන්‍ධයෙන් ද චීන නායකයන් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top