SRILANKAN NEWS

බලගතු ශ්‍රී ලංකාවක් ඉලක්ක කර ගනිමින් වත්මන් රජය ගමන් කරනවා – නිරෝෂන් පෙරේරා

බලගතු ශ්‍රී ලංකාවක් ඉලක්ක කර ගනිමින් සැලසුම් සහගත ගමනක් පියනගමින් සිටින වත්මන් රජය ජනතා අපේක්ෂාවන් යථාර්තවාදී ලෙස ඉටු කිරීමට බැදී සිටින බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.

ගත වූ දෙවසර තුළ බලගතු ශ්‍රී ලංකාවක පදනම රජය විසින් නිසැකවම ගොඩ නගා ඇති බවත්, දේශප්‍රේමිත්වය එකම ආයුධය කර ගනිමින් රුපියල් බිලියන නව දහසකට වැඩි ණය උගුලක රට සිර කළ ගෙවුණු රාජපක්‍ෂ දශකය දේශපාලන වාසි වෙනුවෙන් භෞතික සම්පත් ගොඩ නැගීමේ තරගයක නිරත වූ බවද හෙතෙම පවසා තිබේ.

මධ්‍ය කාලින උපායමාර්ගික වැඩපිළිවෙලෙහි රැකියා දසලක්ෂයක් බිහිකිරීම, අදායම් මට්ටම ඉහළ නැංවීම, ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය, ඉඩම් අයිතිය ලබාදීම සහ ශක්තිමත් මධ්‍යම පන්තියක් බිහිකිරීම වෙනුවෙන් අප්‍රතිහත උත්සාහයෙන් අප ඉදිරියට ගමන් ගන්න බව ප්‍රකාශ කළ යුතුයි යැයි ද අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා වැඩිදුරටත් පවසා තිබේ.