SRILANKAN NEWS

කොටි යළි හිස ඔසවන බව ඇත්ත, මහින්දට යළි ආරක්‍ෂාව ලබා දෙන්න – ගම්මන්පිල

කොටි සංවිධානය යළි රට තුළ හිස ඔසවන බවට කරුණු තහවුරු වී ඇති නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබා දී තිබූ ආරක්ෂාව යළි ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අවධාරණය කර සිටියි.

ඊයේ (06) කොළඹ දි පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා සදහන් කර සිටියේ දෙමළ ඊළම පේන මානයේ පවත්නා ෆෙඩරල් විසඳුමක් ඉල්ලන සුමන්තිරන් මන්ත්‍රීවරයා ඝාතනය කිරීමට ඔවුන් විසින් තැත් කරන්නේ නම් මහින්ද රාජපක්ෂ මහතාට පවත්නා තර්ජන පිළිබඳ අමුතුවෙන් සිතිය යුතු නැති බවයි.

කොටි සංවිධානය නැවත වරක් හිස ඔසවන බව සදහන් කළ නමුත් කිසිවෙකුත් පිළි නොගත් බවත් මේ වන විට බුද්ධි අංශ විසින් ද ඒ් පිලිබදව සදහන් කර අැතැයි සදහන් කළ ගම්මන්පිල මහතා, උතුරේ හමුදා කඳවුරු ඉවත් කරන ලෙස දෙමළ සන්ධානය සහ උතුරු පළාත් මහ අැමතිවරයා විසින් ඉල්ලීම් කළ ද ඒම ක්‍රියාවලිය නවත්වන ලෙස ද අාණ්ඩුවෙන් ඉල්ලා සිටින බවයි.