දෙමළ ජාතික සන්ධානයට වඩා තම කණ්ඩායමට අති බහුතර මන්ත්‍රී පිරිසක් සිටිනවා – කෙහෙළිය රඹුක්වැල්ල

ඒකාබද්ධ විපක්ෂය ලෙස පක්ෂයක් නොමැති බවත්, පාර්ලිමේන්තුවේ විපක්ෂය ලෙස හඳුන්වන දෙමළ ජාතික සන්ධානයට වඩා අති බහුතර මන්ත්‍රී පිරිසක් තම කණ්ඩායම සතුව තිබෙන බව හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

පනස් දෙනෙකුට අධික මන්ත්‍රීවරුන් පිරිසගෙන් සමන්විත තම මන්ත්‍රී කණ්ඩායම විපක්ෂය ලෙස පාර්ලිමෙන්තුව පිළිගත යුතු බවත් මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමට අනුමැතිය ලබාදිය යුතු යැයි අද(7) කතානායකවරයාගෙන් ඉල්ලා සිටීමට අපේක්ෂා කරන බවද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top