SRILANKAN NEWS

අපේක්‍ෂයන්ට මුදල් වියදම් කළ හැකි සීමාවක් දක්වන නීතියක් අවශ්‍යයි – පැෆරල් සංවිධානය

PAFFRELපළාත් පාලන මැතිවරණය පැවැත්වීමට පෙර එහි අපේක්ෂකයන් හට අදාළ මැතිවරණය සඳහා මුදල් වියදම් කළ හැකි සීමාවන් දක්වන නීති හඳුන්වා දිය යුතු බව පැෆ්රල් සංවිධානය අවධාරණය කර සිටියි.

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා විසින් මෙම අදහස් පළ කර සිටින අතර අදාළ නීති හදුන්වාදීමට කටයුතු නොකළහොත් මැතිවරණයේදී මනාප මිලදී ගැනීමේ තත්ත්වයක් උදාවනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

මේ අතර, සීමා නිර්ණය කිරීමේ කටයුතු අවසන් කළ හෝ දැනට කල් ඉකුත් පළාත් පාලන ආයතන වල මැතිවරණය වහාම පවත්වන ලෙස මැතිවරණ කොමිසම ඇතුළු බලධාරීන්ට නියෝග කරන ලෙස ඉල්ලා පැෆරල් සංවිධානය විසින් ගොනු කැරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන මස 19 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) තීන්දු කර තිබේ.