ශ්‍රී ලංකාව සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් – චීනය

ශ්‍රී ලංකාව සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් බව චීන ජනාධිපති ෂී චින් පිං මහතා පවසයි.

දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය ශක්තිමත් කරමින් අන්‍යෝන්‍ය යහපත් සහයෝගතා පුළුල් කොට සිවිල් මිත්‍රත්වය ගැඹුරු කිරීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමඟ එක්ව දායක වීමට කැමැත්තෙන් පසු වන බව ෂී චින් පීං මහතා පවසා තිබේ.

අවංක හා අන්‍යෝන්‍ය සහය සහිත පාරම්පරික මිතුදමෙන් යුත් ක්‍රමෝපායීය හවුල්කාරී සබඳතාවේ නව ජීවයක් අපේක්ෂා කරන බව හෙතෙම පවසා තිබේ. චීනය සහ ශ්‍රී ලංකා අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත වී වසර 60 ක් සපිරීම නිමිත්තෙන් ‍නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයකදී චීන ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top