SRILANKAN NEWS

පාර්ලිමේන්තුවේ කටයුතු යළි ඇරඹේ

විනාඩි දහයකට තාවකාලිකව කල්තැබූ පාර්ලිමේන්තුව යළි ආරම්භ විය. කතානායක කරූ ජයසූරිය මහතා විසින් අද (9) දින පාර්ලිමේන්තුව විනාඩි 10කට කල්තබන ලදී.

ඊයේ සම්මත වීමට නියමිත තිබූ නියෝග කීපයක් සම්මත නොවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී සාකච්ඡාවට ලක් වූ අතර ඒ පිළිබඳව තීරණයක් ගැනීම සම්බන්ධයෙන් හදිසි පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට කතානායකවරයා මෙලෙස සභාවේ කටයුතු විනාඩි 10කට කල්තැබිය.

රේගු ආඥා පනත යටතේ යෝජනාව,විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමය,සුරාබදු ආඥා පනත යටතේ නිවේදනය  ඊයේ දින විවාදයට ලක් කෙරිණි.