ශ්‍රී ලංකා හමුදාව යටතේ තිබෙන මුල්ලතීව් දිස්ත්‍රික්ක වට්ටුවාකල් ප්‍රදේශයේ ඉඩම් නිරීක්ෂණ කිරීම සඳහා හමුදාපති ක්‍රිෂාන්ත ඩි සිල්වා මහතා ඊයේ දින එම ප්‍රදේශයේ සංචාරයක නිරතව තිබේ.
වට්ටුවාකල් ප්‍රදේශයේ ජනතාවට අයත් ඉඩම් අක්කර 617ක් රාජ්‍ය හමුදාව විසින් අත්පත්කරගෙන තිබේ. මෑතකදී එම ඉඩම් ස්ථීරව පවරා ගැනීම සඳහා ඉඩම් මැනීමේ කටයුතු සිදු කිරීමට තැත් කළ අවස්ථාවේ ප්‍රදේශවාසීන් එයට දැඩි විරෝධය පළ කර තිබුණි.
පරන්දන් – මුල්ලතීව් මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරතවූ ජනතාව හමුදාව ඉවත්විය යුතු බවත්, තම ඉඩම් යළි ලබාදිය යුතු බව ද ඉල්ලා සිටියහ. එම ප්‍රදේශය පුරා දැඩි නොසන්සුන් තත්වයක් ඇති කළ එම විරෝධතාවය ජාත්‍යන්තර වශයෙන් අවධානය යොමුවූ අතර, එයින් රජයට ද බලපෑම් එල්ලවුණි.
ශ්‍රී ලංකාවේ වත්මන් රජය ද ඉඩම් නිදහස් කරන බව පවසා ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතුවල නිරතවන බවට විවිද පාර්ශවලින් චෝදනා එල්ලවුණි. මෙවැනි තත්වයකදී ඉකුත් ඉඩම් නිදහස් කිරීමට රජය තීරණය කර ඇති බව පැවැසේ.
ඉකුත් ඉඩම් නිදහස් කිරීමේ අරමුණින් හමුදාපතිවරයා එම ප්‍රදේශයේ සංචාරයක නිරතවූ බව වාර්තාවේ.
මෙවැනි තත්වයකදී ආරක්ෂක ලේකම්වරයා හදිසි සංචාරයක් සඳහා එම ප්‍රදේශයට පැමිණීමට නියමිත බව ද වාර්තාවේ. අද දිනයේ ඔහු එහි පැමිණිය හැකි බව බලාපොරොත්තු වන අතර, ආරක්ෂ ලේකම්වරයාගේ පැමිණීමෙන් අනතුරුව ජනතාවගේ ඉඩම් ලබාදීමට කටයුතු කරනු ඇති බව පැවැසේ.
මේ අතර, හිටපු හමුදාපති හා ආරක්ෂක ලේකම්වරයාගේ අනුමැතිය යටතේ මුල්ලතීව් දිස්ත්‍රික්කයේ ඉදිකරන ලද හමුදා ආපන ශාලා වසා දමන ලෙස වත්මන් හමුදාපති ක්‍රිෂාන්ත ඩි සිල්වා මහතා නියෝග කර ඇති බව වාර්තාවේ. ඊයේ දින මුල්ලතීව් දිස්ත්‍රික්කයේ පිහිටි හමුදා ආපන ශාලා කටයුතු අඩාලවී තිබුණි.
එ9 මාර්ගය ඇතුළු වන්නියේ බොහෝ ස්ථානවල සිය ගණනක හමුදා ආපන ශාලාවන් දැක්නට ලැබේ. හමුදාව සංචාරක හෝටල් කිහිපයක් ද පවත්වාගෙන යමින් සිටියි. මේ හේතුවෙන් ප්‍රදේශයේ හෝටල් හා ආපන ශාලා පවත්වාගෙන යන සාමාන්‍ය ජනතාවගේ ජීවනෝපාය කටයුතු ද අඩාලවී තිබීම විශේෂත්වයකි.
Add Comment