මහින්ද රාජපක්ෂ මහතාගේ සයිටම් විරෝධය ඔහු අවස්ථාවාදියෙක් කියන එකට එක් උදාහරණයක් බව ජනතා විමුක්ති පෙරමුණේ නලින්ද ජයතිස්ස මහතා පවසයි. ඊයේ (08) පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.
එහිදී වැඩිදුරටත් පවසා සිටියේ,
මහින්ද රාජපක්ෂ අවස්ථාවාදියෙක් කියන එකට එක් උදාහරණයක් තමයි මෙම ඔහුගේ සයිටම් විරෝධය. 2008 වර්ෂයේ ඔහුගේ ආණ්ඩුව යටතේ තමයි, මෙම ආයතනය ආරම්භ කළේ. බී. ඕ.අයි. ආයතනයටත් සෞඛ්‍ය අමාත්‍යාංශයටත් අධ්‍යාපන අමාත්‍යාංශයටත් බොරු කරලා තමයි සයිටම් ආයතයනය පවත්වාගෙන ගියේ.
මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව කාලේ අධ්‍යාපන ඇමති එස්.බී. කිව්වා වෛද්‍ය සභාව අහෝසි කරලා හරි සයිටම් ආයතනයට ලියාපදිංචිය දෙනවා කියලා. ඒ ආණ්ඩුවේ නායකයා විදිහට මහින්ද රාජපක්ෂ ශිෂ්‍යයන්ට සයිටම් ආයතනයේ ශිෂ්‍යත්ව ප්රදානය කළා. ඔහු වෙනුවෙන් ගීත ගායනා කරපු, අධ්‍යාපන සුදුසුකම් නැති තරුණියකට සයිටම් ආයතනයට ඇතුල් වෙන්න ඉඩ හදලා දුන්නා. එනිසා ඔහු අද කරන ප්‍රකාශ විහිළුවක්. සයිටම් විරෝධය හෑල්ලූ කරන්න තමයි ඔහු මෙවැනි ප්‍රකාශ සිදු කරන්නේ යැයි නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේය.
Add Comment