අන්තරේ කැඳවුම්කරුට ඇප

රක්ෂිත බන්ධනාගාරගතව සිටි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර මහතා ඇප මත නිදහස් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (09) නියෝග කර තිබේ.

අධිකරණයේ විභාගවන නඩුවකට අදාළව ඇප නියම කිරීමේදී විරෝධතා ව්‍යාපාරවලට සහභාගිවීම වලක්වාලමින් අධිකරණය ලහිරු විරසේකරට ඇප කොන්දේසියක් පනවා තිබූ අතර, එම කොන්දේසි කඩකිරීමේ චෝදනා මත ඔහුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top