රජය සතු ආයතන අලෙවි කිරීමට සිඳුවී ඇත – මහ බැංකු අධිපති

රජය සතු ආයතන අලෙවි කිරීමේ තත්වයක් ඇතිවී තිබෙන බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. රටට අවශ්‍ය විදේශ මුදල් සංචිතය ලබා ගැනීම සඳහා මෙලෙස රාජ්‍ය ආයතන අලෙවි කිරීමට සිදුව ඇතයි ඊයේ (08දා) පෙරවරුවේ මහ බැංකුවේ පැවැත්වුණු මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා පවසා තිබේ.

හම්බන්තොට මාගම්පුර වරාය සහ මත්තල ගුවන් තොටුපොළ අලෙවි කිරීම තුළින් විදේශ විනිමය ලබාගත හැකි බව හෙතෙම විශ්වාසය පළ කර තිබේ.

රජය සතුව පවතින හෝටල් සහ වෙනත් වාණිජ දේපළ අලෙවි කිරීමෙනුත් යම් මුදලක් උපයා ගැනීමේ හැකියාව පවතින බවත්, දැනට පවතින විදේශ මුදල් සංචිත ප්‍රමාණය වන ඇමෙරිකානු ඩොලර් බිලියන 6ක මුදල මේ වසර අවසානයේදී ඩොලර් බිලියන 7.5 දක්වා වර්ධනය කරගැනීම තම අපේක්ෂාව බවද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top