විලුදුකල් වැඩසටහනට සහභාගිවූ පාර්ලිමෙන්තු මන්ත්‍රී හා නීතීඥ එම්.ඒ. සුමන්දිරන් මහතා – (Audio – Video)
ආයුබෝවන් සුමන්දිරන් මන්ත්‍රීතුමනි!
ගුරුබරන් – ආණ්ඩු වෙනස එනම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පාලනයේ සිට වෙනස්වී ඇති මෛත්‍රී යුගය නව ආණ්ඩු වෙනස ගැන ඔබතුමන් නැතිනම් ඔබගේ පක්‍ෂය වන දෙමළ ජාතික සන්ධානය දැකින්නේ කුමන ආකාරයකින් ද?
පිළිතුර – එය ප්‍රගතිශීලි වෙනසක් ලෙස තමයි අපි දැනටත් බලන්නේ, මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ අපගේ ජනතාව කරදර රැසකට මුහුණදීමට සිදුවුණා. කිසිඳු අවකාශයක් බලාපොරොතතුවක් නැතිව ජීවත්වීමේ තත්වයකට පත්වී සිටියා. එවැනි තත්වයක සිට අප ජනතාවගේ තත්වය වෙනස් කළ යුතු නම් ප්‍රථමයෙන් එම ආණ්ඩුව වෙනස් කර අප ජනතාවට යහපතක් වන මදක් හුස්ම ගැනීමට හෝ පුළුවන් පරිසරයක් ඇති කිරීමට අත්‍යවශ්‍ය කටයුත්තක් වුනා. එමෙන් එම අවකාශය නියත වශයෙන්ම හුස්ම හිරවීමෙන් නිදහස් වූ තත්වයක් අපට ලැබී තිබෙනවා.
ගුරුබරන් – එම පිළිතුරට අදාලව 1948 වසරේ සිට ශ්‍රී ලංකාව නිදහස ලැබූ දා පටන් නිදහසින් පසු පැමිණි පාලන ක්‍රම රජයන් සහ දැන් පිහිටුවා තිබෙන මෛත්‍රී රනිල් යුගයෙහි වෙනසක් තිබෙනවාද, එය ගැන ඔබ අර්ථ දක්වන්නේ කොහමද ?
පිළිතුර – එකිනෙක බලන විට මෙය වෙනස් දෙයක් යැයි පැවැසීමට නොහැක නමුත් මෙය නිශ්චිතවම මහින්ද රාජපක්‍ෂ පාලනයට පොදුවේ වෙනස් වූ පාලන ක්‍රිමයකි.
ගුරුබරන් – 2000 වසරවල පිහිටු වන ලද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ රනිල් වික්‍රමසිංහ ඒකාබද්ධ පාලනයේ සිට දැනට එනම් නිදහසින් පසු මෙම පාලන ක්‍රම දෙක පමණයි ඒකාබද්ධ පාලනයක් ලෙස පැමිණ තිබෙන්නේ. එමෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක සමඟ රනිල් වික්‍රමසිංහ ඇති කරගත් පාලන ක්‍රිමයටත් වර්තමාණයේ මෛත්‍රීපාල සමඟ එක්වී පවත්වාගෙන යන පාලන ක්‍රිමයටත් අතර තිබෙන එකමුතුකම හෝ විවිධත්වය ගැන ඔබේ මතය කුමක් ද?
ගුරුබරන් – එදා ඉතා වෙනස් තත්වයක් දැක්ට තිබුණි. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපතිනිය ලෙසත් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙසත් වසර දෙකක කාලයක් සිටි නමුත් ඔවුන් අතර සහයෝගයක් නොතිබුණි. වෙනත් පක්‍ෂවලින් පාලනයේ සිටි ඔවුන් එකිනෙකා පරාජය කරන්නේ කෙසේද යන උද්යෝගයෙන් එම කෙටි කාලය ගෙවා ඇත. නමුත් දැන් පවතින තත්වය එයට වඩාත් වෙනස්ය. මහින්ද රාජපක්‍ෂගේ පාලනය වෙනස් කළ යුතු යැයි මෛත්‍රීපාල, රනිල් පමණක් නොව චන්ද්‍රිකා ද එක්ව මෙම ආණ්ඩු වෙනස පිහිටුවා අදට මෙම ජාතික ආණ්ඩුව පවත්වාගෙන යමින් සිටියි. එමෙන් අදට තිබෙන තත්වය සහ එදා තිබූ තත්වය වඩා වෙනස් දෙයක් ලෙස අපි දැකින්නෙමු.
ගුරුබරන් – ප්‍රධාන පක්‍ෂ දෙකක් එක්වී පිහිටුවන ලද ඒකාබද්ධ පාලනයේ 2002 වසරේ ඇති කරගත් සාම සාකච්ඡාව පරාජයට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දකුණේ පක්‍ෂවල බලපෑම්වලට යටත්වී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග එම සාම සාකච්ඡාවෙහි ගැටළු රැසක් මතු කළ බවත් එම නිසා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට සීමාකට එපිට යාමට නොහැකිව තම අමාත්‍ය ධූර තුනක් අහිමිවූ තත්වයක අවසානයේ එම සාම සාකච්ඡාව කොටි සංවිධානය විසින් ද කඩාකප්පල් වූ බවට දෙපාර්ශවය වෙතම චෝදනා එල්ලවුණි. එමෙන් ඒ ගැන ඔබේ අදහස කුමක්ද ? අද මෙම පාලනයේදී ද චන්ද්‍රිකා කුමාරතුංගගේ සහභාගිත්වයක් තිබෙන බව පැවැසේ. එනම් ඉතා වැදගත් කාර්‍යභාරයක් ලබාගෙන තිබේ. ඉදිරියේදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන් සංවිධාන සැසිවාරයේදී ද ශ්‍රී ලංකාව පාර්ශවයෙන් කථා පැවැත්වීමට සිටින බවද වාර්තාවේ. එමෙන් ඇය දැන් සහජීවනය ඇති කරන්නෙමු යැයි ඉතා වැදගත් කාර්යභාරයක් අතට ගෙන සිටියි. නමුත් 2002 වසරේදී ඇයගේ එම කාර්යභාරය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ එම කාලයේදී තම පක්‍ෂයේ යහපත වෙනුවෙන් පමණක් සීමාවී තිබුණි. එමෙන් ඔබ එහි වෙනස හඳුනාගන්නේ කෙසේ ද?
පිළිතුර – 2002 වසරට පෙර අපි 2000 වසරේදී සිදුවූ සිද්ධියන් ගැන ද බැලිය යුතුයි. 2000 වසරේ අගෝස්තු මස වන විට චන්ද්‍රිකා කුමාරතුංග විසින් නව ආණ්ඩුක්‍රම සංශෝධනයක් පාර්ලිමෙනතුවට ඉදිරිපත් කර තිබුණා. අදට දේශපාලන විසඳුමක් අපි බලාපොරොත්තුවෙන් සිටින විට දෙමළ පාර්ශවයේ ඔනෑම කෙනෙකුගෙන් විමසා සිටියේ නම් චන්ද්‍රිකා කුමාරතුංග විසින් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කළ එම යෝජනාව අදට අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෙස ගෙන එන්නේ නම් සියළු දෙනාම එය පිළිගැනීමට දැඩි ඉවසිල්ලෙන් සිටිනවා. එවැනි යෝජනාවක් ගෙනවිත් සිටියදී එය එක්සත් ජාතික පක්‍ෂය පරාජය කර කඩාකප්පල් කිරීමේ සිද්ධිය පටන් අපි 2002 වසර දක්වා වූ කාලය කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. එමෙන් එය සාර්ථක නොවී පාර්ලිමෙන්තුව තුලදීම ගිනි තබා පසුව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ආණ්ඩුව කඩා වැටී බොහෝ දෙනෙකු පක්‍ෂෙයන් ඉවත්ව ගොස් එක්සත් ජාතික පක්‍ෂයට එක්වීමෙන් බලය අත්පත් කරගෙන රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා වූ අවස්ථාවක, ඔහුගේ පාලනය ඔහුගේ ආණ්ඩුව පෙරලීමට චන්ද්‍රිකා කුමාරතුංග අවස්ථාවක් බලා සිටියා.. 2002 වසරේදීම සටන් විරාම ගිවුසුමට පසු කොටි සංවිධානය ඉදිරිපත් කළ යෝජනාව හේතුවට පෙන්වා වෙනත් බලවේගයන්ද එක්රැස් කර එක්සත් ජාතික පක්‍ෂය නැවැත පරාජය කළාය. එමෙන් මෙම පක්‍ෂ දෙක අතර තිබූ තරඟකාරි මානසිකත්වය දිගු කලක් තිස්සේ පවතින තරඟකාරි මානසිකත්වය 2000, 2002 වසරවලදී දැඩි ලෙස තිබුණි. නමුත් වර්තමාණයේ එවැනි එම තත්වය අඩුවී තිබෙන බව පැවැසිය හැක. මුළුමනින්ම තුරන් වී ඇතැයි මම පවසන්නේ නැහැ., එක්සත් ජාතික පක්‍ෂයටත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයටත් අතර අමාත්‍යංශයේ සිටින අමාත්‍යවරුන් අතර ද එම තත්වය විටින් විට උද්ගතවීම ද අපට දැකගන්නට පුළුවන්. නමුත් එක්සත් ජාතික පක්‍ෂයේ නායකවරයා අදට අග්‍රාමාත්‍යවරයා ලෙස සිටීමට එකම හේතුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ලෙස සිටීමයි. එලෙසම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන අද ජනාධිපති ලෙස සිටීමට එකම හේතුව එක්සත් ජාතික පක්‍ෂය ඔහුව ජනාධිපති පොදු අපේක්‍ෂකයා ලෙස පිළිගැන්වීමය. එමෙන් දෙදෙනාම එකිනෙකා කෙරෙහි රැඳී සිටින අවස්ථාවක ප්‍රධාන පක්‍ෂ දෙකම ආණ්ඩුවට සම්බන්‍ධවී සිටින අවස්ථාවක 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ජනාධිපති බලතල අඩුකර තිබෙන තත්වයක ජනාධිපති හා අග්‍රාමාත්‍යවරයා එක්වී කටයුතු කිරීමෙන් තොර ආණ්ඩු පාලනය ගෙන යාමට නොහැකි තත්වයක් පවතින වර්තමාණයේ ඉතා වෙනස් තත්වයක් දැකිය හැක.
ප්‍රශ්ණය – දේශපාන විසඳුම සම්බන්‍ධයෙන් ගත් කළ සුළු ජාතිකයන්ගේ ප්‍රශ්ණය ගත් කළ රටේ යහපතට වඩා පක්‍ෂයේ යහපත ඉහළ ගොස් තිබේ. පසුගිය ඉතිහාසය ජනතාවගේ අපේක්‍ෂාව පක්‍ෂවල පැවැත්ම සඳහා අයෝජනයට ලක්කර තිබේ. එමෙන් මෛත්‍රී – රනිල් යුගය මෙලෙස පක්‍ෂ යහපත යටතේ සුළු ජාතිකයන් සඳහා වන විසඳුමයෙහි ද්‍රෝහිකමක් නොකරනු ඇතැයි විශ්වාසය දෙමළ නායකයන් හා දෙමළ ජනතාවට තිබෙ බවට විශ්වාස කරන්නේ කෙසේ ද? උදාහරණයකට 1956දී බණ්ඩාරනායක විසින් ගෙන එන ලද තනි සිංහල නීතිය, ඩි.එස්. සේනානායකගේ එක්සත් ජාතික පක්‍ෂයට සාපේක්‍ෂව පක්‍ෂයක් පිහිටුවීම සඳහා ඔහු විසින් ඉදිරිපත් කළ බවට පැවැසේ. එලෙසම බණ්ඩා – සෙල්වා ගිවුසුම නැති කිරීමට ජේ. ආර්. ජයවර්ධන නුවර පාගමන ආරම්භ කළේය. එහිදී පක්‍ෂ දෙකේ යහපතට පමණක් වැදගත් තැනක් ලබාදී තිබුණි. ඩට්ලි – සෙල්වා ගිවුසුම කැඩීම සඳහා එවකට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දැඩි වෙහසක් දැරුවේය. අවසන් වරට ඉදිරිපත් කළ ඔබ සඳහන් කළ පරිදි චන්ද්‍රිකා කුමාරතුංගගේ යෝජනාව ද එක්සත් ජාතික පක්‍ෂය කඩාකප්පල් කර තිබුණි. එමෙන් මෙලෙස දශක තුනකට අධික කාලයක් මෙම මහජාතික පක්‍ෂ පැමිණි විසඳුම් ඉදිරිපත් කර එය කඩාකප්පල් කර ඇත. එමෙන් මෙම නායකයන් දෙදෙනා පමණක් සුළු ජාතිකයන්ගේ විසඳුම කෙරෙහි උනන්දුවක් දැක්වන්නේ නම් නැතිනම් චන්ද්‍රිකා කුමාරතුංග සමඟ එක්වී නායකයන් තිදෙනා පමණක් එලෙස උනන්දුවුනේ නම් මෙම පක්‍ෂයන් පාලනය කරගත හැකි යැයි ඔබ සිතනවාද?
ගුරුබරන් – එම පැහැදිළි කිරීමත් සමඟම ඔබ පෙර එක් කරුණක් සඳහන් කර තිබුණා.. අචාර්‍ය ජි.ඒල. පීරිස් වැනි පිරිස එම ක්‍රිමය නීති බලහීන දෙයක් ලෙස වාදයක් ඉදිරිපත් කළ බව පවසා තිබුණා. ජාත්‍යන්තරයේ පිළිගැනීම නැතිනම් එක්සත් ජාතීන් සංවිධානයට ඔවුන්ට මෙම ව්‍යවස්ථාව ගැන සහතිකයක් ලබාදී ඇත. එවැනි සැලසුමක් තමයි 13 වන සංශෝධනය, ඉන්දියාවේ ජන්ටින් මෑන් ගිවුසුම යැයි කියන ගිවුසුම මඟින් ඉදිරිපත් කළ 13වන සංශෝධනය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී ප්‍රශ්ණ කර එය ඒකාබද්ධව තිබූ උතුර නැගෙනහිර වෙන්කර, හේතුව එය 78 වසරේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ගිවුසුමක් බව ද පවසා රටවල් දෙකක් අතර ඇතිකරගත් ගිවුසම පවා අර්බුදයකට පත්කර තිබුණි. එමෙන් මෙලෙස පැන නැඟින ප්‍රශ්ණ හෙට තුනෙන් දෙකක බහුතරයක් සමඟ නැවැත හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂෙග් නායකත්වයෙන් හෝ නැතිනම් මේ අයට විරුද්ධ පිරිසකුගේ නායකත්වයෙන් පාලනයට එන පිරිස මේ සම්බන්‍ධයෙන් ද ශ්‍රී ලංකාවේ නීති අංශය ඉදිරියේ ප්‍රශ්ණ කරන විට නැතිනම් එවැනි කරුණු ඉදිරිපත්වූ විට ජාත්‍යන්තරය එම අවස්ථාවේ දී මෙය රටේ ස්වෛරිය භාවය, ජනතාව විසින් පත්කළ ආණ්ඩුවක්… යැයි පවසා එයින් පසුබසින තත්වයක් ඇති විය හැකි යැයි ඔබ නීතීඥවරයකු වශයෙන් සිතන්නේ කුමක් ද?
පිළිතුර – ඒ සඳහා තමයි අපි ෆෙඩරල් ක්‍රමයක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බව ඉල්ලා සිටින්නේ. ෆේඩරල් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නීතියක් ලෙස ක්‍රියාත්මක තිබෙන්නේ නම් එහිදී ෆෙඩරල් නැමැති වචනය භාවිතා නොකළත් එම ෆෙඩරල්හි ඇති කරුණු එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත්විය යුතුයි. එහි ප්‍රධාන කාරණාව බලය බෙදීම සම්බන්‍ධ කරුණු කාරණා තුනෙක් දෙකක බහුතරයකින් හෝ මහජන මත විමසුමකින් හෝ වෙනස් කිරීමට නොහැකි ක්‍රිමයක් ඇතුලත් කළ යුතුයි. අදාල ප්‍රාන්තයන් සියල්ල එයට එකඟත්වය පළ කිරීමෙන් තොරව එය Double Majority යැයි පවසයි. ද්විත්ව බහුතරය යන ක්‍රිමය ඉදිරිපත් කිරීම එනම් රටේ පමණක් බහුතර මතය විමසීම ප්‍රමාණවත් නොවේ, නමුත් සෑම ප්‍රාන්තයකම එය බහුතරයකින් සම්මත විය යුතු අඟුලක් දැමීමෙන් තමයි සිදුකරන මෙම සමාජ ගිවුසුම ගැලවී යෑමෙන් වලක්වා ගත හැක. එම නිසා තමයි අපි ෆෙඩරල් යැයි පැවැසීමට එය ද එක් අර්ථයකි. ෆෙඩරල්වලට තවත් වැදගත් ගුණාංග කිහිපයක් තිබෙනවා. එම ගුණාංග සියල්ල අපට මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලට ගෙන ඒම අත්‍යවශ්‍ය අරමුණක්වී තිබෙනවා.
ගුරුබරන් – ඊළඟට සහජීවනය ගැන කථා කරන විට ජනාධිපතිවරයා එක් දෙයක් පවසා තිබුණා, ඉතා සුවිශේෂි කාරණාවක් ඔහු පවසා තිබුණා සහජීවනය යනු සියළු දෙනාම උතුරට ගෙන යා යුතු යැයි ඉල්ලා සිටිනවා නමුත් දකුණේ සිට තමයි සහජීවනය ඇති කරන්නේ ඕනේ, විහාරස්ථානවලින් සහජීවනය ඇති කළ යුතුයි යන අදහස මතුවී තිබෙනාව, සාමාන්‍යන් සහජීවනය යන කාරණාව ගැන කථා කරන විට පරාජයට පත්වූ ජාතිය නැතිනම් බලහීනවූ ජාතිය තම සියළු අයිතිවාසිකම් අභිලාෂයන් තුරන් කර මහජාතිය සමඟ එක්වී යෑම තමයි සහජීවනය ලෙස මහජාතික ආකල්පයක් පවතිනවා. එමෙන් මෙම සහජීවනය ගැන දකුණු අප්‍රිකාවේ අත්දැකීම් සමඟ පක්‍ෂ රැසක්ම දකුණු අප්‍රිකාවට කැටුව ගොස් ඔවුන් සමඟ සාකච්ඡා කරනවා, ජාත්‍යන්තර අත්දැකීම් ද බෙදාගන්නවා.. මෙම සහජීවනය ගැන වූ ආකල්පය දකුණේ උදා කිරීමට දෙමළ ජාතික සන්ධානය ඉටුකරන කාර්‍යභාරය කුමක්ද? එනම් විපක්‍ෂ නායකත්වය අද දෙමළ ජාතික සන්ධානය සතුව තිබෙනවා එමෙන් පාර්ලිමෙන්තුවේදී හෝ ඉන් පිටත සහජීවනය ගැන මෙවැනි මහජාතික මානසිකත්වයක් වෙනස් කරන ක්‍රියාමාර්ගයන් කුමක් ද?
පිළිතුර – ජනාධිපතිවරයා එලෙස ඉදිරිපත්වී සිටින බවට ඔබ පෙන්වාදී තිබීම හරි, බොහෝ අවස්ථාවල විශේෂයෙන් පසුගිය වසරේ පැවැති නිදහස දින උත්සවයදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ඉතා වැදගත්ව තිබුණි. ජනතාව බලා ඔහු කරුණු කිහිපයක්ම තරයෙන් අවධාරණය කර සිටියා. එය ඔවුන්ගේ නායකයන් අතර සිට පැමිණීම ඉතා වැදගත්ය. ජනාධිපතිවරයා විසින් එලෙස බොහෝ අවස්ථාවල පවසා තිබෙන අදහස්වලට දකුණෙන් කිසිඳු විරෝධතාවක් එල්ල නොවීම ද විශේෂත්වයකි. මෙවැනි තත්වයකදී දෙමළ ජනතාවගේ නියෝජිතයන් වශයෙන් දෙමළ ජාතික සන්ධානය විසින් ඉටුකළ යුතු කාර්‍යභාරය ඉතා වැදගත්ය. එය මෙතෙක් අප විසින් නිසිලෙස ක්‍රියාත්මක කර නැති බව පිළිගන්නවා. භාෂා ප්‍රශ්ණයක් තිබෙන නමුත් අපි තවත් වැඩි උනන්දුවකින් දකුණේ සිංහල ජනතාව අතරට ගොස් කථා කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. මන්ද ඔවුන්ගේ සිත්වල පවතින සැකය තුරන් කළ යුතුව තිබේ. මේ සතියේ ලංකාදීප පුවත්පතට විපක්‍ෂ නායක වශයෙන් සම්බන්‍ධන් සම්මුඛ සාකච්ඡාවක් ලබාදී තිබෙනවා. එහිදී මෙම කරුණු කාරණා ගැන පැහැදිළිව පවසා තිබෙනවා. මීට පෙරද ඔහු සිංහල පුවත්පත්වලට දීර්ඝ සාකච්ඡාවන් ලබාදී තිබෙනවා. අපි නාළිකා මඟින් ද මාධ්‍ය මඟින්ද මෙම පුවත ඉදිරිපත් කිරීමට උත්සහ කරමින් සිටිනවා. මෙය ප්‍රමාණවත් නොවන බව මගේ අදහසයි. ඉදිරි දිනවල මෙය තවත් වැඩියෙන් සිදුකිරීමට කටයුතු කරන්නෙමු.
ගුරුබරන් – අද අග්‍රාමාත්‍යවරයා තවත් කරුණක් අවධාරණය කර තිබෙනවා.. හමුදාවත් සමඟ පැවැති සාකච්ඡාවකදී හමුදාපතිවරයා අග්‍රාමාත්‍යවරයාගෙන් හමුදාව විභාගයට ලක් කරන්නේ පුද්ගලිකව ද නැතිනම් කණ්ඩායම් වශයෙන්ද? දඞුවම් ලබා දෙනවාද? මෙම විභාගවල ජාත්‍යන්තරයේ මැදිහත්වීමක් තිබෙනවා දැයි විමසා තිබේ. එයට පුද්ගලිකව හෝ කණ්ඩායම් වශයෙන්ද විභාග කරනු ලැබේ නමුත් ජාත්‍යන්තර විනිසුරුවරුන්ගේ සහභාගිත්වයන් නැහැ, මේ සම්බන්‍ධයෙන් විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර කරුණු පැහැදිළි කිරීමට ඇති බව අග්‍රාමාත්‍යවරයා එහිදී පවසා තිබේ. එමෙන් යුද්දයෙන් ඇති වූ තුවාලයට බෙහෙත් නොදමා එම තුවාල තවඳුරටත් එම ජනතාවගේ සිත්වල තිබෙන අවස්ථාවක මෙම රජය, මගේ මතකයට අනුව ජනාධිපතිවරයා මෑතකදී ජපානයේදී පවසා තිබුණා ගඩොල්විල්න සහජීවනය ඇති කරන්න බැහැ කියලා.. ජපානයේ ජීවත් වන සිංහල ජනතාව අතර මේ බව පවසා තිබුණා. ජනාධිපතිගේ කථාවත් හරි ජනාධිපතිගේ ක්‍රියාකටයුතු ද හරි නමුත් ජනාධිපති පමණක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නොවේ ජනාධිපති පමණක් සිංහල බෞද්ධ මහ ජාතියේ සියළු දෙනාගේම මානසිකත්වය පිළිබිඹු කරන කෙනෙකු නොවේ.. ඔහු පැමිණි නායකයන් අතර වෙනස් පුද්ගලයකු ලෙස සිටිනවා.. එමෙන් මෙවැනි තත්වයකදී දෙමළ ජාතික සන්ධානයේ ක්‍රියා කටයුතු කෙසේ ද? මන්ද යුද්දය නිමාවූ කාල වකවානුවේ මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ තිබූ ජාත්‍යන්රයේ බලපෑම එම ජාත්‍යන්රයේ නිරීක්‍ෂණය හා උනන්දුව මෙම යහපාලන රජය පැමිණීමෙන් පසු අඩුවෙමින් පවතින බවට දෙමළඛ ජනතාව කණගාටුවට පත්වී සිටිනවා. එම නිසා තමයි යහපාලන රජයක් පිහිටුවිය යුතුයි නැනිතම් ආණ්ඩු වෙනසක් අවශ්‍ය බවට වාද කල පාර්ශවය වෙත නැහැ මහින්ද රාජපක්‍ෂ තවඳුරටත් සිටිය යුතුි එවිට තමයි මෙම ජාත්‍යන්රය ඉදිරියේ ඔවුන්ව ජාත්‍යන්තර අපරාධකරුවන් කූඩුවට යැවිය හැකියි යන වාදය ඉදිරිපත් කළ පාර්ශවය බලා අසා සිටිනවා, මේ නිසා තමයි අපි එදා පවසා සිටියේ මෙම සහජීවන යහපාලන රජය නැමැති මායාව පැමිණියේ නම් ජාත්‍යන්රය දෙමළ ජනතාව අමතක කර අත්හැරින බව. මේ සම්බන්‍ධයෙන් ඔබේ අදහස කුමක් ද?
පිළිතුර – ජාත්‍යන්තරයේ බලපෑම් ප්‍රබල වුනේ මහින්ද රාජපක්‍ෂගේ පාලනය නිසා බව මම පිළිගන්නවා. නමුත් එවැනි කුරීරු පාලනයක් තිබුණේ නම් තමයි ජාත්‍යන්තර බලපෑම් දිගටම තිබේ යැයි සිතීම වැරදියි. යම්කිසි අවස්ථාවක එම බලපෑම මඟින් වෙනසක් සිදුවිය යුතුයි එලෙස වෙනසක් සිදු නොවුනේ නම් එම බලපෑමයෙහි කිසිම ප්‍රයෝජනයක් නැහැ. එමඟින් අපට ඇති වන විපාකය තමයි වැඩියෙන්ම තිබෙන්නට තිබුණි. එමෙන් වෙනස නිසි අවස්ථාවේදී තමයි පැමිණියේ, ජාත්‍යන්තරයෙහි වැඩසටහන අපි බලාගෙන එන විට ජිනීවා නුවරදී ජාත්‍යන්තර විභාගයක් සඳහා යෝජනාවක් සම්මත කර එම විභාග වාර්තාව ඉදිරිපත් කරන අවස්ථාවේදී තමයි මෙම ආණ්ඩු වෙනස සිදුවුණේ. ආණ්ඩු වෙනස සිදු නොවුණේ නම් පසුගිය වසරේ මාර්තු මස එම වාර්තාව නිකුත් කිරීමට ඉඩ තිබුණි. ඉන්පසු ජාත්‍යන්තරයට කිරීමට නොහැකි බොහෝ කරුණු තිබේ. මන්ද මානව හිමිකම් සභාවේ යෝජනාවන් බලහත්කාරයෙන් ක්‍රියාත්මක කිරීමට නොහැක. එය අදාල රටේ රජයත් සමඟ එකඟතාවයකින් යුතුව තමයි ක්‍රියාත්මක කරන්නට පුළුවන්. එමෙන් නිසි අවස්ථාවේ එම වාර්තාව එළි දැක්වීමට නියමිත අවස්ථාවේ ආණ්ඩු වෙනසක් සිදුවී එම නිසා එම වාර්තාව ටික කලක් කල්දමා අවසානයේ එම වාර්තාවත් සමඟ එකඟවී මෙම නව රජය අපි ඉටුකරන්නෙමු යැයි පිළිගෙන මෙම විභාගය රටතුලම සිදු කරනවා යැයි එකඟවීම ලොකු දෙයක්. ජාත්‍යන්තර අධිකරණයට යාමට නොහැකි තත්වයක රටින් පිටත විභාග කළ යුතු යැයි පවසා සිටීමෙන් රටතුල එය ක්‍රියාත්මකවීට ඉඩකඩ නැහැ. නමුත් මෙම විභාග ක්‍රමවේදය ගැන අපි ඉතා ඉවසිල්ලෙන් කටයුතු කිරීමට සිදුව තිබේ. විභාග කටයුතු සිදුකළ යුතුයි එහිදී ජාත්‍යන්තර සහභාගිත්වය, විනිසුරුවරුන්ගේ සහභාගිත්වය, නඩු පවරන්නන්ගේ සහභාගිත්වය තිබිය යුතුයි යන්න අපගේ මූලික කරුණකි. එය පසුගිය වසරේ යෝජනාවේදී ද මෙලෙසම ඇතුලත් කර තිබුණි. මෙය අපි කේවල් කර ලබාගත් ජාත්‍යන්තර යෝජනාවක් ශ්‍රී ලංකා රජය එයට එකඟවී තිබේ. එමෙන් එය ක්‍රියාත්මක කිරීම සඳහා සියළු දෙයම කරන්නෙමු. එය ගෙන යන මාර්ගයේ අපිට සන්සුන්ව කටයුතු කිරීමට සිදුව තිබේ. එය අවසානය කර ගෙන යාමේ වගකීම අපට පමණක් නොව වත්මන් පාලකයන්ට ද තිබේ. ඔවුන්ද එය ඉටුකළ යුතුයි එලෙස ක්‍රියාත්මක කිරීමේ දී බොහෝ කරුණු අපි ප්‍රසිද්ධියේ නොපවසා සිදු කරන්නට සලස්වන්නෙමු. මන්ද ඇතමුන් අප පැත්තේ සිටගෙන දිගින් දිගටම මෙය ප්‍රශ්ණයක් ලෙස පෙන්වා චෝදනාවක් ලෙස ඉදිරිපත් කරන විට එය සියල්ල මහින්ද රාජපක්‍ෂට උපකාරි වන කටයුතු ලෙස තිබෙනවා. ආණ්ඩු වෙනසක් සඳහා කාලයක් උදාවී ජනාධිපති මැතිවරණයක් එන විටත් එය වර්ජනය කළ යුතු යැයි පැවැසූ පිරිස තමයි එලෙස වර්ජනය කර තිබුණේ නම් මහින්ද රාජපක්‍ෂගේ පාලනය තවඳුරටත් තිබී අපගේ ජනතාව තවත් දුක් කරදරවලට මුහුණදීමට සිදුවන්නට තිබුණා. තවත් බොහෝ දෙනෙකු රටින් පිටත්ව යෑමට සිදුවෙලා ඇති. දෙමළ ජනතාව සඳහා වූ දේශපාලන විසඳුම ද තවඳුරටත් නොලැබීමට ඉඩතිබුණි. නමුත් දැන් පවතින වෙනස මඟින් අපි කටයුතු කළ යුතු අකාරය මදක් වෙනස් ආකරයකින් තිබේ. එම නිසා තමයි දිගින් දිගටම මහින්ද රාජපක්‍ෂව යලි ගෙනවිත් බලය ලබාදිය යුතුයි යන උත්සහයක තවඳුරටත් අපගේ පාර්ශවයේ බොහෝ දෙනෙකු කටයුතු කරන බව දැක්නට හැක. මෙය නිසියාකාරව ගෙන යෑමේ වගකීම ජනාධිපති හා අගමැති ඇතුළු නව රජයට තිබේ. අපි ඔවුන් සමඟ එක්වී කටයුතු කරනවා අපගේ මූලික කරුණු අතහරින්නේ නැහැ. නමුත් එය ඉටුවන තෙක් අපි එය සන්සුන්ව නිහතමානීව ඉටුකළ යුතුයි යන අරමුණකින් අපි කටයුතු කරනවා.
ගුරුබරන් – නිදහසින් පසු දේශපාලන ඉතිහාසයේ මීට පෙර දෙමළ විමුක්ති සන්ධානයේ නායක අප්පාපිල්ලේ අමිර්දලිංගම් වරක් විපක්‍ෂ නායකයා ලෙස කටයුතු කර තිබෙනවා. ඔහු විපක්‍ෂ නායකයා ලෙස කටයුතු කළ කාලයේ එවකට දේශපාලන වාතාවරණය දැඩි මර්ධනාකාරි තත්වයක තිබුණි. 6වැනි සංශෝධනය රටින් පිටවී යා යුතු තත්වයක් එමෙන් ඔහුට ලැබුණු කාලයේ දකුණ සමඟ එක්වී කටයුතු කිරීමට අවස්ථාවක් නොලැබුණි. නමුත් දැන් විපක්‍ෂය, ඒකාබද්ධ විපක්‍ෂයට වඩා අඩු මන්ත්‍රී සංඛ්‍යාවකින් යුතු විපක්‍ෂය ලෙස තිබුණත් ශක්තිමත් තත්වයක් රජය සමඟ සම්බන‍්ධතාවක් ඇති අවබෝධයක් තිබෙන විපක්‍ෂයක් ලෙස එක් පැත්තකින් බලන විට මෙම රජයේ කොටස්කරුවන් ලෙස සිටින දෙමළ පක්‍ෂයක් විපක්‍ෂයක් ලෙස සිටින අවස්ථාවක මෙම දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්ණය, අතුරුදහන්වූවන්ගේ ප්‍රශ්ණය, තවද ඉඩම් ප්‍රශ්ණය පිළිබඳව ඉහළ මට්ටමේ දේශපාලන නායකයන් එකඟවුනත් අදාල ප්‍රදේශවල සිටින හමුදා කඳවුරු හෝ හමුදා නිළධාරීන්ද එයට කැමැත්ත පළ කරන්නේ නැහැ, එමෙන් මෙම කරුණු ගැන දෙමළ ජනතාව අතර දැඩි අප්‍රසාදයක් ඇතිව තිබේ. මන්ද ඔවුන්ගේ ජන්දය තමයි ආණ්ඩු වෙනස තීරණය කර තිබෙන්නේ, ඔවුන්ගේ ජන්දය තමයි වත්මන ජනාධිපති හා අග්‍රාමාත්‍යවරයාගේ පැවැත්ම තීරණය කර තිබෙන්නේ, එමෙන් පෙරදී ඔවුන් දේශපාල සිරකරුවන් සම්බන්‍ධයෙන් හා අතුරුදහන්වූවන් ගැන පැවැසූ දේ ඉඩම් සම්බන්‍ධව ලබාදුන් පොරොන්දු, පුනරුත්ථාපනය ලැබූ කොටි සාමාජිකයන් සිද්ධින් කිහිපයක් පෙන්වා යළි අත්අඩංගුවට ගැනීම, ඔවුන් 12000 – 15000දාහක පිරිසක් පුනරුත්ථාපනය ලැබූ අය දැන් නිදහසක් නැතිව ජීවත්වෙනවා එමෙන් මේ සම්බන්‍ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය කුමක් ද?
පිළිතුර – පසුගිය සැප්තැම්බර් මස ජිනීවා නුවරදී මම බොහෝ පාර්ශවයන් හමුවී සාකච්ඡා කළ අවස්ථාවේ එක්සත් ජාතීන් මානව හිමිකම් සභාවේ කොමසාරිස් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කළා. ඒ අවස්ථාවේ ඔහු මට පැවැසූ දෙයක් නම් එම යෝජනාවේ ආරක්‍ෂක අංශයේ ප්‍රතිසංස්කරණ ලෙස වචන පෙලක් තිබෙන බව පෙන්වා දුන්නා. එය පෙන්වමින් වෙනසක් සිදුවන රටල්වල මෙය තමයි ඉතා අසීරු කරුණක් බවට තිබෙන බව පවසා සිටියේය. මන්ද ආණ්ඩු පාලනයේ ඉහළ මට්ටමින් වෙනස්කම් සිදුවේ මූලිකව රටේ ආරක්‍ෂක අංශයෙහි වෙනස්කම් සිදුවන්නේ නැහැ එම පිරිසම එම හමුදාවම එම නාවික හමුදාව එම ගුවන් හමුදාවම එම පොලීසියම තිබේ. එහිදී ප්‍රතිසංස්කරණ කිරීමක් සිදු කිරීමට ඉතා අසීරු දෙයක්. මගේ අත්දැකීමෙන් කිසිඳු රටක එය නිසිලෙස තෘප්තිමත් අයුරින් සිදුවී නැහැ. ඔබගේ රටෙත් මෙය තමයි ඔබලාට තිබෙන දැවැන්ත අභියෝගය යැයි පවසා තිබුණි. එම අවස්ථාවේ එය මට නිසිලෙස වටහා ගැනීමට නොහැකිවුණි. දැන් මෙම ආණ්ඩු වෙනසකින් පසු නව රජය බොහෝ දේවල් කිරීමට කැමැත්තෙන් සිටින නමුත් එය ක්‍රියාත්මක කිරීමට නොහැකිවීමට එක් හේතුවක් ලෙස නිසියාකාරව ආරක්‍ෂක අංශ ප්‍රතිසංස්කරණය නොකිරීම ද දැක්නට පුළුවන්. මෙය හුදෙක් කාරණාවක් නොවේ එය ඇත්තෙන්ම එලෙසම තිබෙන බවට මෑතකදී සිදුවූ අත්අඩංගු සාධකවී ඇත. මෑතකදී ඉංග්‍රීසි පුවත්පතක මේ සම්බන්‍ධයෙන් පැහැදිළි කිරීම් කිහිපයක් පළකර තිබුණි. එය නීරීක්‍ෂණයකින් පසු ලියන ලද ලිපියක් ඒ අනුව හෙළිවූ සත්‍යතාවය ගැන බලන විට අත්අඩංගුවට පෙර කොටි සංවිධානයේ ඉහළ මට්ටමේ සිටි බොහෝ දෙනෙකු අත්අඩංගුවට පත්වී තිබේ. නමුත් ඔවුන් හමුදා බුද්ධි අංශය සමඟ එක්වී කටයුතු කළ පිරිස බව සියළු දෙනාටම දැනගන්නට ලැබේ. විශේෂයෙන් ඔවුන් ජීවත් වූ ප්‍රදේශවල ඔවුන් පැමිණෙන විට ප්‍රදේශවාසීන් තමන් කථාබහ කිරීම ද නවතා දමයි. මන්ද සියළු දෙනාටම ඔවුන් හමුදා බුද්ධි අංශය සමඟ එක්වී කටයුතු කරන බව දැනගෙන සිටිමය. එවැනි පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා. එයින් පැහැදිළි වන කරුණක් වන්නේ හමුදා බුද්ධි අංශයට තිබූ ආධිපත්ත්‍ය නැවැත රජය ලබා ගැනීම සඳහා ක්‍රියාමාර්ග කිහිපයක් ක්‍රියාත්මක කර ඇති බවට එම ඉංග්‍රීසි පුවත්පත පවසා තිබුණි. එය යම්කිසි දුරකට සත්‍යක් නම් කොපමණ ප්‍රමාණයකට හමුදාව හමුදා බුද්ධි අංශයට මාසිකව 5000 කට වැටුප් ලබා දෙනවාද ? ඔවුන් කවුරුන් දැයි කිසිවකුට දන්නේ නැහැ. එවැනි තත්වයක හමුදාපතිට පවා හමුදා බුද්ධි අංශය කෙරෙහි බලයක් නැති බව එම පුවත්පතයේම සඳහන් කර තිබුණි. එවැනි අවස්ථාවක මෙය ඉතා අසීරු තත්වයකි. මෙම වෙනස සිදු කිරීමේ දී ඉඩම් නිදහස් කළ යුතුයි රජයේ ආකල්පය ද අපට පැහැදිළිවම දැකින්නට පුළුවන්, ලබාදිය යුතුයි යැයි කටයුතු කරන නමුත් හමුදාව ලබාදීම පමණයි ලබා දෙන්නේ එයයි චෝදනාව එයට ඉහළින් ගොස් අපගේ පාර්ශවයෙන් බොහෝ දෙනෙකු ගොස් අසන ප්‍රශ්ණය ජනාධිපතිට නියෝග කරන්න බැරිද කියාය. එය හැර හමුදාව වෙත ගොස් කරුණාකර ලබා දෙන්නැයි ඉල්ලා සිටියි. නාවික හමුදාව ඉඩම් රැසක් නිදහස් කර තිබේ. මම ආරක්‍ෂක රාජ්‍ය ඇමැති සමඟ සාකච්ඡා කළ අවස්ථාවේ නාවික හමුදාව ඉඩම් නිදහස් කරනවා නමුත් හමුදාවේ සිටින පිරිසක් හමුදාපතිට බලපෑම් කරමින් සිටිනවා, ඔවුන් කව්රුන්දැයි බලන විට යුද අපරාධ චෝදනාවලට ලක්වනු ඇතැයි බියට පත්වී සිටින ඇතම් හමුදා නිළධාරින් මෙවැනි තත්වයක් අනුගමනය කරන බව ඔහු පවසා සිටියේය. එමෙන් මෙය එකිනෙක සම්බන්‍ධවූ කරුණු බවට පත්ව තිබේ. පහසුවෙන්ම හරි ආණ්ඩු වෙනසක් සිදුවුණා නව ජනාධිපතිගේ අතේ තමයි බලතල සියල්ල තියෙන්නේ යැයි සිතාගෙන, ඔහුට තම පක්‍ෂය පවා පාලනය කර ගැනීමට පවා නොහැකිව සිටින ජනාධිපතිවරයෙක්. එමෙන් දුවගෙන ගොස් සියල්ල හරි අපගේ ජන්දෙන්ම ඔවුන්ට සියළු දේම ලබාදුන්න නමුත් අපට ඔවුන් කිසිවක් කළේ නැහැ යැයි සිතීම ලොකු වැරද්දක්. ඔවුන් කරනවා සම්පූර්ණයෙන් කරන බවට මම කියන්නේ නැහැ. නමුත් එය සම්පූර්ණයෙන් ඉටු කිරීමේදී තිබෙන බාධාවන් අසීරුතා ගැන අපි නොදන්නවා නොවේ. මම ජනතාව අතර කථා කරන විට එක් උපමාවක් පවසා තිබුණා. ආණ්ඩු වෙනස යනු බලකොටුවක එක් පැත්තක සිට තවත් පැත්තකට යනවා වගේ නොවේ එය බෝට්ටුවක නැග ඟග හරහා යෑමක් වැනිය. එම බෝට්ටුවෙන් එගොඩ යා යුතුයි එමෙන් එය එගොඩට යාමෙට අපි බෝට්ටුවේ දඟලමින් නටමින් එය පෙරලා නොදැමිය යුතුයි. ඉතා සන්සුන්ව ගමන් කළ යුතුයි. නිසි දිසාව බලා ගමන් කළ යුතුයි. එමෙන් මෙය ඉතා අසීරු තත්වයක් සිරකරුවන්ගේ නිදහස ගැන ද ප්‍රගතියක් තිබුණි. 50 දෙනෙකුට අධික පිරිසක් නිදහස් කර තිබෙනවා නමුත් අපි බලාපොරොත්තුවුනේ 30ක් 40ක් හැර අන් සියළු දෙනාම නිදහස් කරනු ඇති බවටය. නමුත් එය සිදුවුනේ නැහැ. අතුරුදහන්වූවන් පිළිබඳව ද දැන් ප්‍රගතියක් දැක්නට තිබෙනවා. නමුත් එහිදී දීර්ඝ ප්‍රමාදයක් තිබේ. එය ගැන එක්සත් ජාතීන් මානව හිමිකම් සභාවේදී අපි සියළු රටවල්වලට පෙන්වා දීමට කටයුතු කරන්නෙමු. එමඟින් තමයි රජයට සුළු බලපෑමක් එල්ල කිරීමට පුළුවන්, එමඟින් තමයි රජයටත් එම රටවල්වලට තම පැත්තේ ගැටළු අසීරුතා ගැන පැහැදිළි කිරීමට පුළුවන්, එක් රැයකින් සියල්ල වෙනස් වන බවට බලාපොරොත්තුවීම වැරදි බලාපරොත්තුවකි.
ගුරුබරන් – මෙම අවස්ථාවේ ජිඑස්පි බදු සහනය ලබාදීමක් ලෙස යුරෝපිය සංගමයේ මසුන් අපනයනය කිරීමේදී පනවා තිබූ තහනම ද ඉවත් කිරීම ගැන මෑතකදී දැනගන්නට ලැබුණි. ජාත්‍යන්තරය දෙමළ ජාතික සන්ධානයේ අදහස් ලබා ගැනීමේදී එනම් සැබැවින්ම ඔවුන් සහජීවනයට කැපවෙනවාද? දෙමළ ජනතාවගේ ප්‍රශ්ණවලට විසඳුමක් ලබාදීමට ඉදිරිපත් වෙනවාද? නැතිනම් මානව හිමිකම් පිළිබඳ ඔවුන්ගේ ක්‍රියාකටයුතුවල ප්‍රගතියක් තිබෙනවාද? සම්බන්‍ධයෙන් දෙමළ පාර්ශවයෙන් ජාත්‍යන්තරය දත්ත ලබා ගැනීමට උත්සහ කරන බව දැක්නට ලැබේ. එමෙන් මේ සම්බන්‍ධයෙන් ජාත්‍යන්තරය හමුවීමට අවස්ථාවක් ලැබෙන විට දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානින් එහිදී විශේෂයෙන් මම සිතන්නේ දෙමළ ජාතික සන්ධානයේ දැනට බොහෝ දෙනෙකු සිටින නමුත් ඔබත් විපක්‍ෂ නායක සම්බන්‍ධනුත් පමණයි රාජතාන්ත්‍රිකයන්ව හමුවීමේ කටයුතු සිදුකරන්නේ එමෙන් මෙවැනි අවස්ථාවල ඔවුන්ව වෙත ඉදිරිපත් කරන ඔබලාගේ බලපෑම කෙසේ ද?
පිළිතුර – ඉතා පැහැදිළිව අපගේ බලාපොරොත්තු ඉටු නොවී පවතින බලාපොරොත්තු ගැන පෙන්වා දෙමින් සිටිනවා. විශේෂයෙන් ඔබ පැවැසු කරුණු තුන ඉඩම් නිදහස් කිරීම, අතුරුදහන්වූවන් පිළිබඳ සොයා බැලීම, දේශපාලන සිරකරුවන්ගේ නිදහස මේ සම්බන්‍ධයෙන් දිගින් දිගටම පවසා තිබෙනවා. මන්ද රජයත් මෙය සියල්ල ඉතා පහසුවෙන් ක්‍රියාත්මක කිරීමට හැකි දේවල් බව සලකුණු කර තිබේ.
එයද තවමත් ඉටුකර නැති බව අපි පෙන්වාදී තිබෙනවා. මෙම ජිඑස්පි සහනය යනු පහසුවෙන් ලබාගත හැකි දෙයක් නොවේ. එය මානව හිමිකමට සම්බන්‍ධ කරුණක්. දකුණේ පවා බොහෝ දෙනෙකුට එයට විරුද්ධව බොහෝ දෙනෙකු එය මානව හිමිකම සමඟ සම්බන්‍ධ කිරීම වැරදි බව පවසන විට මම වේදිකා රැසකදී වාද කර තිබෙනවා. ඔව් ඔබ කියන දේ හරි ජාත්‍යන්තර සංවිධාන විශේෂයෙන් යුරෝපා සංගමය අපි සමඟ තවඳුරටත් සම්බන්‍ධතාවයේ සිටිනවා. මානව හිමිකම් තත්වයේ ප්‍රවර්ධනයක් තිබෙනවාද නැද්ද යැයැි අපගේ අවධානයද ලබාගෙන තිබෙනවා. එමඟින් ද අපි දිගටම රජයට එල්ල කළ හැකි බලපෑමක්ද එල්ල කරමින් සිටිනවා
ගුරුබරන් – (ප්‍රේක්‍ෂයකුගේ ප්‍රශ්ණය) යහපාලනය පෙර තිබූ කාර්‍යක්‍ෂම භාවය විපක්‍ෂය වූ විට ඔබලාගෙන් දැකින්නට නැහැ නේද, ආරම්භයේදී තිබුණු එම කාර්‍යක්‍ෂම භාවය, වේගය ඔබගෙන් දැකින්නට නැත. එයට හේතුව කුමක් ද?
පිළිතුර – කාර්‍යක්‍ෂම භාවය හා වේගය තිබෙනවා නමුත් එය පිටතට පෙනෙන්නට නොතිබිය හැක. මන්ද දැන් අපගේ සහභාගිත්වය වෙනස්ය. එලෙස තිබුණත් පසුගිය නොවැම්බර් දෙසැම්බර් මස මෙම දේශපාලන සිරකරුවන්ගේ නිදහස සම්බන්‍ධයෙන් අවස්ථා රැසකදී පාර්ලිමෙන්තුවේදී ප්‍රසිද්ධව කථා කර තිබෙනවා. ඒ අතර රජය සමඟ එක්වී ඉටුකළ යුතු කටයුතු ගණනාවක්ද අපට තියෙනවා. එයද අතට ගෙන තමයි අපගේ වත්මන් ක්‍රියා කටයුතු පවත්වාගෙන යන්නේ.
ගුරුබරන් – සම්බන්‍ධන් සහ ඔබ ස්කොට්ලන්තයේ පිරිසැලසුම ගැන සොයා බැලීමට එරට ගිය බවට පුවත්වල සඳහන්වුණි. එක්සත් රාජධානිය, ඒකීය පාලනය යැයි පාරම්පරිකව දැකින තත්වයක ඔබ යම්කිසි ප්‍රගති මට්ටමක් පසුකර තිබෙනවාද ?
පිළිතුර – නැහැ, අපි විතරක් ගියේ නැහැ රජය පාර්ශවයෙන් ද, මුස්ලිම් පාර්ශවයෙන් ද නියෝජිතයන් පිරිසක් ගොස් එය ගැන බොහෝ කරුණු සොයා බැලුවා. ස්ට්කොට්ලන්ත ක්‍රමය පමණක් ගැන සොයා බැලුවේ නැහැ. ස්පාඤ්ඤය, බෙල්ජියම වැනි රටවල් ගැන අවධානය යොමු කළා. බ්‍රිතාන්‍යාවේ එය ඒකීය පාලනයක් ලෙස ලියා තිබුණේ නැහැ, ස්පාඤ්ඤයේ ඒකීය පාලනයක් ලෙස ලියා තිබුණා. එය පාරම්පරිකව සිතන දෙයක් නමුත් එවැනි විවිද ක්‍රමයන් ගැන බැලූ විට කාරණාවක් තමයි අපි වැඩියෙන් අවධාරණය කරමින් සිටින්නේ. නාම පුවරුවල අපි එතරම් වැදගත්කමක් ලබාදීමට අවශ්‍ය නැහැ. නාමපුවරුවක් දැමූ පමණින් එය ෆෙඩරල්, මෙය ඒකිය පාලනයක් යැයි දැමූ පමණින් එහි ගුණාංග එලෙසම තිබෙන්නේ නැහැ. එයට වඩා වැදගත් එහි ඇතුලත්වී තිබෙන කරුණුය. එමෙන් ක්‍රියාත්මක කිරීමේදී ෆෙඩරල් තිබිය යුතුයි. ෆෙඩරල්වලට වඩා වැඩි බලය බෙදීමක් ස්කොට්ලන්තයේ අපි දැකින්නෙමු. ලබාදුන් බලය ෆෙඩරල් ක්‍රමය යටතේ ක්‍රියාත්මක වන රටවල් ගණනාවක් නැති බලයක් ස්කොට්ලන්ත පාර්ලිමෙන්තුවට ලබාදී තිබෙනවා. ලබාදීමට නියමිතව තිබෙනවා. එමෙන් බලය නිසිලෙස බෙදා දීමත්, ලබා දෙන බලය අදාල ප්‍රාන්තයන් භාවිතා කිරීමත්, ලබාදුන් බලය නැවැත ලබා ගැනීමට නොහැකි අයුරින් ලබාදීමත් වැදගත්ය. එමෙන් අපි නම් ඉදිරිපත් කර විරෝධය ලබා ගැනීමට වඩා මෙම ක්‍රමයන් මඟින් අවසානයේ ජනතාවටම පාලනය කළ හැකි බලයක් ලබාදිය හැකි දැයි අපි සොයා බලමින් සිටිනවා.
ගුරුබරන් – දැනට උතුර නැගෙනහිර පළාත් සභාවට ලබාදී තිබෙන බලතල උතුරේ සම්පූර්ණයෙන්ම දෙමළ ජාතික සන්ධානය යටතේ වූ පළාත් සභාවක් තිබෙන අතර නැගෙනහිර පළාතේ සියයට පනහක කොටසක් දෙමළ ජාතික සන්ධානය ලබාගෙන තිබෙන හෙයින් දෙමළ ජාතික සන්ධානය දැනට ලැබී තිබෙන බලතල පළාත් සභාවේ භාවිතා කරනවාද? නැතිනම් එය භාවිතා කිරීමේදී මධ්‍යම රජයෙහි බලපෑමක් තිබෙනවාද ? යන කරුණු සම්බන්‍ධයෙන් ඔබේ අදහස කුමක් ද?
පිළිතුර – එහි තිබෙන බලය නිසිලෙස භාවිතා කිරීමට නොහැකිව තිබීම තමයි ඇත්ත කථා, ඒ සඳහා වූ හේතු කාරණා ගැන බලන විට මුළුමනින්ම මධ්‍යම රජය හෝ පිටත සිටින්නන්ව පමණක් අපිට හඳුන්වාදිය නොහැක. දශක තුනක්වූ පරිසරයක සිට නිදහස් වූ සමාජයක් ලෙස බොහෝ දෑ අහිමිවූ සාමාජයක අපි සිටිනවා. එය දේශාපලකයන් පමණක් නොවේ නිළධාරීන් පවා විය හැක. එය කාර්‍යක්‍ෂම භාවයකින් යුතුව ක්‍රියාත්මක කිරීමට අඩුපාඩු රැසක් තවඳුරටත් තිබෙනබවා. මධ්‍ය රජයේ බලපෑම් නැතිනම් 13 වැනි සංශෝධනයේ තිබෙන දේවල් ක්‍රියාත්මක කිරීමට නොදී මැඩපවත්වා තිබීම ද ප්‍රධාන හේතුවක්වී තිබෙනවා. නමුත් ව්‍යවස්ථාපිත නීතියක් ගෙන ඒමතුලින් එය ක්‍රියාත්මක කිරීමට තිබුණි. අවාසනාවකට උතුරු පළාත් සභාව ව්‍යවස්ථාපිත නීති ඉදිරිපත් කිරීමේදී ප්‍රාමදවී තිබෙනවා. ආරම්භයේ සිටම ආණ්ඩුකාරවරයා බොහෝ කටයුතුවලට ඉඩ ලබාදුන්නේ නැහැ. දැනට එහි කටයුතු කරන ආණ්ඩුකාරවරයා වසර දහයක කාලයක් බස්නාහිර පළාත් මහ ඇමැතිවරයා ලෙස කටයුතු කර තිබෙනවා. ඔහු තමන් මහ ඇමැතිවරයා ලෙස කටයුතු කළ කාලයේදී ඉදිරිපත් කළ ව්‍යවස්ථාපිත නීති සියල්ල ලබාදී තිබෙනවා, එයවත් ක්‍රියාත්මක කරන ලෙසත් එයට අනුමැතිය ලබා දෙන බවත් ඔහු පවසා තිබුණා. දැන් ආණ්ඩුකාරවරයා සමඟ එකඟවී යන තත්වයක් තිබුණත් එය ඉටු කිරීමේදී අසීරුතා රැසක් පවතිනවා. මෙය සියල්ල සම්පූර්ණ දේශපාලන විසඳුමකට කුමන ආකාරයක බලය බෙදීමක් අවශ්‍ය දැයි දැන් අපිට සාකච්ඡා කිරීමට ඉතා උපකාරිවූ අත්දැකීම් ලෙස තිබේ. උතුර පමණක් නොව නැගනෙහිර පළාතදී ද, නැගෙනහිර පළාතේ මීට පෙර කටයුතු කළ ආණ්ඩුකාරවරයා ඉතා පහත් විදිහකට කටයුතු කර තිබුණා. නමුත් දැන් පවතින තත්වයේ මුස්ලිම් කොංග්‍රසය සමඟ වූ ඒකාබද්ධ පළාත් සභාවේ දී ලබාගන්නා අත්දැකීම ද අපි පවත්වන සාකච්ඡාවලට ඉතා ප්‍රයෝජනවත් අත්දැකීම් ලෙස තිබෙනවා. එහි තිබෙන අඩුපාඩු සියල්ල ඉදිරියේ ඉදිරිපත් කරන සැලසුමෙන් නිරාකරණය කරගත හැකි බව අපේක්‍ෂා කරනවා.
ගුරුබරන් – ඔබ නැගෙනහිර ගැන පවසන විට දැන් එහි ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන්නේ ඔස්ට්‍රින් ප්‍රනාන්දු, 2002 දී ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කර සාම සාකච්ඡාවල අග්‍රාමාත්‍යවරයා සමඟ සහභාගිවූ ප්‍රධාන පුද්ගලයකි. ඔහු වාමාංශිකයේ සිට පැමිණි ඔහු කටයුතු කිහිපයක් ක්‍රියාත්මක කර තිබෙනවා. මුස්ලිම් ලේඛකයන් විසින් ලිපි දෙකක් ලියා තිබෙනවා එනම් කොටි සංවිධානයේ නායක ප්‍රබාකරන් ඇයි මෙම පළාත් සභාව ප්‍රතික්‍ෂේප කළේ යැයි දැන් අපිට වටහා ගැනීමට පුළුවන්. කිසිඳු බලයක් නැති පළාත් සභාවන් ලෙස තමයි මෙය තිබෙන්නේ. එම නිසා තමයි ඔහු එය එදා ප්‍රතික්‍ෂේප කළෙ යැයි එම ලිපියෙහි සඳහන් කර තිබුණි. දැන් පළාත් සභාව ගැන ප්‍රසිද්ධිය විමර්ශණ ඉදිරිපත් නොකළ දෙමළ කථා කරන ජනතාව පවා මෑතකදී සිදුවූ නැගෙනහිර පළාත් සිද්ධියන් අනතුරුව මෙය දැවැන්ත ප්‍රශ්ණයක් බවට පත්වී තිබෙනවා. මීට පෙරදී මම සිතනවා නැගෙනහිර මහ ඇමැති ලෙස පිල්ලයාන් කටයුතු කළ අවස්ථාවේ වරක් පවසා තිබුණා තමන්ට බස් රථයක රියදුරා, කොන්දොස්තරවරුන් පත්කිරීමට බලයක් නැති බව, ඔවුන් විසින් පත්කළ මහ ඇමැතිවරයකුම එලෙස පවසා තිබුණි. ආරම්භයේ සිටි හිටපු මහ ඇමැති වරදරාජ පෙරුමාල් පළාත් සභාවෙන් කිසිවක් කළ නොහැකි බවට ප්‍රතිඥාවක් ලබාදී ගියා. මෙමඟින් අදට මම සිතනවා දෙමළ ජනතාව පමණක් නොව මුස්ලිම් ජනතාව ද මෙම තිත්තවූ අත්දැකීම් ලබා ගැනීමේ තත්වයකට වත්මන් දේශපාලන වාතාවරණය පැමිණ තිබෙනවා. එයද සහජීවන ආණ්ඩුවේදි පැමිණ තිබෙනවා. මෙහි ප්‍රතිඵලය ඔබ මීට පෙර පවසා සිටියා අත්දැකීම් තියාගෙන නිශ්ෂිත ස්ථානයක් කරා ගමන් කරන බව, එමෙන් මෙවැනි අත්දැකීම් තුලින් ඉදිරි කාලයේ දෙමළ මුස්ලිම් ජනතාව එක්වී විසඳුමකට නැතිනම් උතුර නැගෙනහිර පිළිබඳ ප්‍රශ්ණ ගෙන යෑමට අත්තිවාරකම් ලෙස තිබිය හැකි ද?
පිළිතුර – ඔව් ඇත්තෙන්ම මුස්ලිම් පාර්ශවය බලය බෙදීම යන කාරණාවේදී සම්පූර්ණයෙන් අපි සමඟ එක්වූ ස්ථාවරයක සිටිනවා. කොපමණ දුරට බලය බෙදාදිය යුතු දැයි යන ස්ථාවරයෙහි ඔවුන් අපේ මතයේම සිටිනවා. එහිදී 13 වැනි සංශෝධනය ගැන පවසන විට කොටි සංවිධානය පමණක් එය ප්‍රතික්‍ෂේප කළේ නැහැ, එවකට දෙමළ විමුක්ති සන්ධානය ද එය ප්‍රතික්‍ෂේප කර තිබුණා. එහිදී ඉන්දිය අග්‍රාමාත්‍යවරයාට සම්බන්‍ධන් ද ලිපියක් යවා තිබුණා. හේතුව 13 වැනි සංශෝධනයේ බලය බෙදීමක් යැයි කිසිවක් නැහැ. එහි නීති අංශය සම්බන්‍ධයෙන් කිසිඳු බලතල බෙදීමක් නැහැ. නීති කෙටුම්පත් සම්පාදකය ගැන සුළු වශයෙන් තිබුණත් එහි අඩුපාඩු රැසක් තිබේ. මධ්‍යම රජයට ද එය ගැන කටයුත කරන්නට පුළුවන්. ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය ද අවශ්‍යවේ. විධායක බලතල ගැන ගත් කළ එය සම්පූර්ණයෙන් තිබෙන්නේ ආණ්ඩුකාරවරයා සතුවය. එමෙන් ජනතාව විසින් තේරී පත්වූ නියෝජිතයන්ට එහි කිසිඳු බලයක් නැහැ. එම නිසා තමයි මහින්ද රාජපක්‍ෂ බොහෝ අවස්ථාවල අවම වශයෙන් තුන් වරක් හෝ ඉන්දියාව සමඟ ඒකාබද්ධ වාර්තාවක් නිකුත් කළ විට 2010 වසරෙන් පසු සෑම අවස්ථාවකම විශේෂිත වචන කිහිපයක් භාවිතා කර තිබුණි. 13 වැනි සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කර එයට එපිට ගොස් බලය බෙදීම අර්ථවත් කරන්නෙමි යැයි පවසා තිබුණි. එම ප්‍රකාශය අපි ද ප්‍රසංශා කර තිබුණා. ඇයි 13 වැනි සංශෝධනය ගැන කථා කරන්නේ යැයි අපිට විරුද්ධව බොහෝ දේවල් පවසා තිබුණා. ඒ ගැන කථා කිරීමට හේතුව පළාත් සභාව එක් කොටසක් ලෙස තිබුණා. වැදගත්ම දෙය එහිදී පොලිස් බලතල බෙදාදී තිබුණා. ක්‍රියාත්මක කර නොතිබීම වෙනත් දෙයක්. උතුර නැගෙනහිර ඒකාබද්ධ කිරීම එහි සාර්ථකව තිබුණි. එමෙන් තිබෙන දේ නැති කර ගැනීමේ අයුරින් අපි කටයුතු නොකළ යුතුයි. 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන බවට මහින්ද රාජපක්‍ෂ පවසා සිටියේ එහි තිබෙන පොලිස් බලතල ක්‍රියාත්මක කරන බවය එය තමයි එහි තිබෙන වැදගත්ම දේ. එපමණක් නොව බලය බෙදීම අර්ථවත් කරන බවට පවසා සිටියේ දැනට තිබෙන්නේ කිසිඳු තේරුමක් නැති දෙයක්, එය මම අර්ථවත් කරන බව පවසා සිටියේය. එම නිසා තමයි හරි එම පොරොන්දුව ඉටුකර පෙන්වන්න යැයි අපි පවසා සිටියෙමු. දැන් මහින්ද රාජපක්‍ෂ පැත්තේ සිටින පිරිසට විරුද්ධ පාක්‍ෂියන් ලෙස සිටින අයට අපි කියන්නේ මේ ඔහු විසින් ලබාදුන් පොරොන්දුවක්, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථවත් ලෙස බලය බෙදීමකින් යුතුව තිබිය යුතුයි. 13 වැනි සංශෝධනයටත් එපිට යා යුතයි. එය මහින්ද රාජපක්‍ෂම ලබාදුන් පොරොන්දුවක්. එපමණක් නොව 2000 වසරේ අගෝස්තු මස චන්ද්‍රිකා විසින් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කළ යෝජනාවට මහින්ද රාජපක්‍ෂ එවකට අමාත්‍යංශයේ සිට අනුමැතිය ලබාදී තිබුණා. එදා ඔහු එයට විරුද්ධත්වය පළ කළේ නැහැ. එවකට මෛත්‍රීපාල සිරිසේන ද එම අමාත්‍යංශයේම කටයුතු කළා. එක්සත් ජාතික පක්‍ෂය එයට විරුද්ධවීමට පවසා සිටි එකම හේතුව විධායක ජනාධිපති ක්‍රමය අහේසි නොකිරීමය. වෙනත් කිසිම හේතුවක් ඉදිරිපත් කර තිබුණේ නැහැ. එමෙන් මෙම කරුණු කාරණා ගැන ඔවුන්ගේ ක්‍රියා කටයුතුවල විවිධ අවස්ථාවල කළ ප්‍රකාශයන් ඉදිරියට තබා අපි ඉදිරි ක්‍රියාමාර්ගයට යනවා. මෙහිදී මුස්ලිම් පාර්ශවය ගැන ඔවුන් මුළුමනින්ම අප සමඟ එකඟත්වයට නොපැමිණියත් මේ සම්බන්‍ධයෙන් ඔවුන් සමඟ දිගින් දිගටම සාකච්ඡා කරමින් සිටිනවා. නමුත් කොපමණ දුරට බලය බෙදිය යුතු ද, උපරිම බලය බෙදීමක් යන අපගේ ස්ථාවරයට ඔවුන් සම්පූර්ණ සහාය ලබාදි තිබෙනවා. විශේෂයෙන් ඔබ සඳහන් කළ පරිදි නැගෙනහිර පළාත් සභාවේ ඔවුන්ට ඇති වී තිබෙන අත්දැකීම ද එයට වැදගත් හේතුවක් වී තිබෙනවා.
ගුරුබරන් – සිංහල ජනතාව විසින් ඉඩම් ආක්‍රමණය කිරීම, අනවසර පදිංචිය, බුදු පිළිම ඇතුළු විහාරස්ථාන ඉදිකිරීම, චිවරදාරීන්ගේ ප්‍රචණ්ඩා ක්‍රියාවන් සියල්ල පෙර ආණ්ඩු කාලයේ පැවැති ආකාරයෙන්ම එයටත් වඩා වේගයන් සන්සුන්ව ක්‍රියාත්මක වෙනවා. මෙය මැඩපැවැත්වීමට දෙමළ ජාතික සන්ධානය ගෙන ඇති ක්‍රියාමාර්ගයන් කුමක් ද?
පිළිතුර – ඇතම් ප්‍රදේශවල සිංහල පදිංචි කිරීම ගැන අපි අවධානය යොමු කර තිබෙනවා. එය ගැන අපි රජයට දැනුම් දුන් අවස්ථාවලදී රජය එයට මැදිහත්වී නවතා දමා තිබෙනවා. නමුත් තමවත් ප්‍රදේශය කිහිපයක විශේෂයෙන් මුල්ලතීව් දිස්ත්‍රික්කයේ ඇතම් ප්‍රදේශවල තවඳුරටත් මෙය සිදුවෙමින් පවතින බව අප දැන සිටින්නෙමු. මේ සම්බන්‍ධයෙන් බොහෝ කරුණු අපි රජයේ අවධානයට යොමු කර තිබෙනවා. එහිදී ආරක්‍ෂක අංශයේ, බෞද්ධ හිමිවරුන්ගේ දායකත්වය වැදගත්ව තිබෙනවා. නමුත් මෙවැනි සියළු කටයුතුවලට රජය සහාය ලබා දෙන බවට ජනතාව සිතීම වැරදියි. පවතින වාතාවරණය ගැන සොයා බලා රජය ක්‍රියාත්මක කිරීමට යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන ද අවධානය යොමු කර ඔවුන් සියළු දෙනාම නොසන්සුන් නොකර සාමකාමී ලෙස කටයුතු සිදුකළ යුතු බව ඔවුන්ගේ අදහසය. එය අපගේ ජනතාව අතර කනස්සල්ලට ලක්වූ කරුණක් වී තිබීම ඇත්ත. එමෙන් කාරණා දෙක කෙරෙහි අපි අවධානය යොමු කර ඉඩම් අහිමි නොවන අයුරින් අපි කටයුතු කරමින් සිටිනවා.
ගුරුබරන් – මුල්ලිවායිකාල් ජනතාවගේ අනුස්මරණ උත්සවයට දෙමළ ජාතික සන්ධානයේ නායකයා වශයෙන් සම්බන්‍ධන් සහභාගිවුයේ නැහැ. ඔහු සහභාගි නොවීමට හේතුව කුමක්ද ? එලෙස සහභාගිවුයේ නම් එය සහජීවනයට බාධාවක් වනු ඇතයි ඔහු සිතනවාද?
පිළිතුර – මෙම ප්‍රශ්ණය වසර හතකට පසු ප්‍රථම වතාවට ඉදිරිපත්වී තිබීම පුදුමයකි. මෙතෙක් කිසිවකු මුල්ලිවායිකාල්වල අනුස්මරණ පහන් දැල්වුයේ නැත්තේ ඇයි දැයි ප්‍රශ්ණ කළේ නැහැ. එයට කව්රුන්ද ගියේ ආවේ යැයි කිසිම ප්‍රශ්ණයක් තිබුණේ නැහැ. වසර හතකට පසු මෙම ආණ්ඩු වෙනස අපි සම්පූර්ණයෙන් ඉදිරිපත්වී ක්‍රියාත්මකවීමෙන් අද මුල්ලිවායිකාල් අනුස්මරණ කටයුතු සිදුකරනවා. එම ආණ්ඩු වෙනසක් ගෙන්විය යුතු යැයි අපි ඉදිරිපත්ව කටයුතු කරන විට එයට විරුද්ධවය කථා කළ පිරිස දැන් ඇයි මුල්ලිවායිකාල් නොගියේ යැයි ප්‍රශ්ණ කරනවා. මෙය ඉතා පුදුමාකාර ක්‍රියාවක් ලෙස මම දැකිනවා. මෙම ආණ්ඩු වෙනසකින් තමයි එලෙස අනුස්මරණ කටයුත්තක් පැවැත්වීමට හැකියාව ලැබුණේ. එදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තිබුණා, තවද එය පාර්ලිමෙන්තු සතියයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිටින සම්බන්‍ධන් සහ මට එහි අනිවාර්‍යයෙන් සහභාගිවිය යුතු අවශ්‍යතාවයක් තිබුණා. අපගේ පක්‍ෂයේ පවා කිහිප දෙනෙකු මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු ගැන නොසැලකිලිමත්ව සිටීම ගැන හෙලාදැක තිබෙනවා. අපි අපගේ කැපවීම සම්පූර්ණයෙන් ඉදිරිපත් කළ යුතු අවශ්‍යතාවක් තිබේ. වරක් අග්‍රාමාත්‍යවරයා ඔබලාට මේ ගැන උනන්දුවක් නැද්දැයි අප මන්ත්‍රීවරයකු සභාගි නොවීමේ ගැන විමසා සිටියා. එමෙන් අපට අවශ්‍ය දැය එක් අවස්ථාවකදී අපට සිදු කිරීමට තිබෙන තත්වයක අපගේ කැපවීම සම්පූර්ණයෙන් ඉදිරිපත් කළ යුතු අවශ්‍යතාවයක් තිබෙනවා. එමෙන් වසර හයක කාලයක් නොඇසූ ප්‍රශ්ණය එය සිදු කිරීමට හැකි වාතාවරණයක් ඇති කිරීමෙන් පසු වසර හතකින් පසු අපගෙන් ප්‍රශ්ණ කිරීම පුදුමයි.
ගුරුබරන් – උතුරු පළාත් සභාවේ අවසන් සැසිවාරයේදී මාධ්‍ය ගැන පැය තුනක විවාදයක් පවත්වා තිබුණි. එමෙන් පළාත් සභාවේ අනවශ්‍ය විවාද පවත්වා කාලය නාස්ති කිරීම ගැන දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය කුමක් ද?
මහ ඇමැතිවරයාට ඉහළින් ආණ්ඩුකාරවරයා දිස්ත්‍රික්ක සංවර්ධනය සම්බන්‍ධයෙන් මහ ඇමැතිවරයා සමඟ සාකච්ඡා නොකර ආණ්ඩුකාරවරයා විසින් රැස්වීම් පැවැත්වීම ගැන ස්ථාවරය කුමක් ද?
පිළිතුර – එම රැස්වීම සම්බන්‍ධයෙන් වීරකේසරි පුවත්පතේ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාවක් ලබාදී තිබෙනවා. එමෙන් නැවැත මෙහි එය ගැන අදහස් ප්‍රකාශ කර කාලය නාස්ති නොකර, උතුරු පළාත් සභාවේ සිදුවන විවාද ගැන අදහස් ප්‍රකාශ කිරීමට ද මම කැමැති නැහැ. මම එම පළාත් සභාවේ මන්ත්‍රීවරයකු නොවේ. අපගේ පක්‍ෂ මන්ත්‍රීවරුන් වශයෙන් උතුරු පළාත් සභාවේ සිදුවන බොහෝ දේවල් තෘප්තිමත් ලෙස නැහැ. එහිදී ඉතා අතෘප්තිමත් කාරණාව වස්ථාපිත නීති පහක් පමණක් ඉදිරිපත් කර 250කට අධික යෝජනා කෙටුම්පත් සම්මත කර තිබීමය.
ගුරුබරන් – පළාත් සභාව හරහා සංවර්ධනය සිදු කිරීමේදී ඇයි අර්බුදයක් ඇති කිරීමට උත්සහ කරන්නේ? උතුර මහ ඇමැතිවරයාගේ ප්‍රතිපත්තිමය දේශපාලනය රජය සමඟ පවත්වාගෙන යන ඒකාබද්ධ දේශාපනයට බාධාවක් වන්නේ කෙසේ ද?
පිළිතුර – කිසිවකු කිසිම අර්බුදයක් ඇති කිරීමට උත්සහ කළේ නැහැ. දැන් පවත්වා තිබූ රැස්වීම සම්බන්‍ධ සිද්ධිය එය මධ්‍යම රජය විසින්ම නගර සංවර්ධන කොමිසම සිදුකරන කටයුත්තක්. යාපනය නගර සංවර්ධනය සඳහා කඩිනම් ව්‍යාපෘති යටතේ ලෝක බැංකුව විසින් ලබා දෙන මුදලින් සිදුකරන සංවර්ධන වැඩපිළිවලක. එය මධ්‍යම රජය විසින් ක්‍රියාත්මක කරන නමුත් පළාත් සභා රජය සමඟ සාකච්ඡා කර ක්‍රියාත්මක කිරීම තමයි දැනටත් සිදුවන්නේ. මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ පාර්ලිමෙන්තුවේ සිටින අපි සමඟවත් සාකච්ඡා කරන්නේ නැහැ, සියල්ල අවසන් වූ පසු තමයි සිදුවූ දැය ගැන අපි දැන ගන්නේ. නමුත් වත්මන් පාලකයන් පාර්ලිමෙන්තුවේ සිටින අප පමණක් නොව පළාත් සභා සියල්ල සමඟත් සාකච්ඡා කර තමයි වැඩපිළිවල් ක්‍රියාත්මක කර තිබෙන්නේ. ආණ්ඩුකාරවරයා මධ්‍යම රජයේ සිට පළාත් සභාවට එවන ලද පාලමක් ලෙස සිටිනවා. එමෙන් මධ්‍යම අමාත්‍යංශය විසින් සිදුකරන සංවර්ධන ව්‍යාපෘතියකට පළාත් සභාව සමඟ සාකච්ඡා කිරීමේදී ඔහු සම්බන්‍ධවීම වැරදි කටයුත්තක් නොවේ.
ගුරුබරන් – උතුරු පළාත් සභාව හා දෙමළ ජාතික සන්ධානය තුල යම්කිසි විරසක් තිබෙන බවට ජනතාව අතර සැකයක් පවතිනවා, නායකත්වයටත් දෙමළ ජාතික සන්ධානයේ එහි සිටින පළාත් සභාව තුලත් කුඩා කණ්ඩායම් ලෙස බෙදී ක්‍රියාත්මක වන බවට චෝදනාවක් තිබෙනවා, අනික විදේශයේ සිට අධික වශයෙන් උදව් කිරීමට මටත් පුද්ගලික අත්දැකීමක් තිබෙනවා බොහෝ දෙනෙකු ඉදිරිපත්වී සිටිනවා. නමුත් එම උදව් නිසි කළමාණකරනයකින් යුතුව ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්වයක් යුද්දය අවසන්වී වසර හතකට පසුද පවතිනවා. ඇතම් විට ලබා දෙන උදව් උපකාර නැවැත නැවැත කිහිප දෙනෙකු පමණක් ලබාගන්නවා. බොහෝ පිරිසකට කිසිඳු උදව්වක් ලැබෙන්නේ නැහැ.එමෙන් දැන් ශක්තිමත් පක්‍ෂයක් ලෙස රජය සමඟ අවබෝධයකින් කටයුතු කරන පක්‍ෂයක් ලෙස සිටින දෙමළ ජාතික සන්ධානය විසින් ඇයි මෙවැනි කළමණාකරන ව්යුහයක් ඉදිරිපත් කිරීමට නොහැකිව තිබෙන්නේ?
පිළිතුර – අපි ආරම්භයේදීම ‘මරුවාල්වු‘ නමින් එවැනි ව්යුහයක් ඉදිරිපත් කළා. එය දැනටත් තිබෙනවා. නමුත් මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ එය කුමන විදිහකින්වත් ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්වයක් තිබුණි. රාජ්‍ය නොවන ආයතන පවා ජනාධිපති කාර්ය සාධන කමිටුවේ අනුමැතියකින් තොරව කිසිවක් සිදු කිරීමට නොහැකි තත්වයක් තිබුණි. උතුරු පළාත් සභාව පිහිටුවීමෙන් පසු නිළ වශයෙන් උතුරු පළාත් සභාව මඟින් එය පවත්වාගෙන යෑමේ අදහසින් තමයි මහ ඇමැති අරමුදල ක්‍රියාත්මක කිරීමට කටයුතු කළේ. එයට ද එවකට ආණ්ඩුකාරවරයා අනුමැතිය නොදීමේ හේතුවෙන් එය කල් දමා තිබුණි. දැන් පළාත් සභාවන් ලෙස නැගෙනහිර පළාත් සභාව හා උතුරු පළාත් සභාවත් ඉදිරිපත්වී එය ක්‍රියාත්මක කිරීමට කිසිඳු බාධාවක් තිබෙන බවට මම දැකින්නේ නැහැ. නැගෙනහිර පළාත් සභාවේ නැවැත පදිංචි කිරීමේ අමාත්‍යවරයා ලෙස තන්ඩායුදපානි කටයුතු කරනවා. එමඟින් දැන් සාම්පූර් වැනි ප්‍රදේශවල නැවැත පදිංචිවූවන්ට පළාත් සභාව හරහා උදව් උපකාර කරමින් සිටිනවා. එලෙස උතුරු පළාත් සභාවත් ක්‍රියාත්මක කිරීමේදී බාධාවක් තිබෙන බවට දැක්නට නැත. එමෙන් උතුරු පළාත් සභාවටත් එය ක්‍රියාත්මක කළ හැකිය. පක්‍ෂය සම්බන්‍ධයෙන් උතුරු පළාත් සභාව දෙමළ ජාතික සන්ධානයේ උත්තරීත මණ්ඩලය ගැන ඔබ ඇසූ ප්‍රශ්ණය සාධාරණයි. එය ගිය මහ මැතිවරණයේදී පක්‍ෂය උතුරු පළාත් සභාව දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභාවක් යන මතයෙන් කටයුතු කළේ නැහැ. පක්‍ෂය වෙනුවෙන් සියළු දෙනාම කැපවී කටයුතු කළේ නැහැ. ඇතමුන් අපි දෙමළ ජාතික සන්ධානය නොවේ ජනතාව විසින් සෘජුව තේරී පත්වූ නියෝජිතයන් යන මතයක සිටියා, එය තමයි එම කණ්ඩායම් බෙදීමකට මූලික හේතුව, නමුත් දැන් මාස කිහිපයකින් පසු එම තත්වය වෙනස්වී එකම පක්‍ෂයක් ලෙස කටයුතු කිරීමට කැමැත්ත පළකර තිබේ. නමුත් එම මූලික අර්බුදය තවමත් නිසිලෙස නිරාකරණය කර නැති බව මගේ මතයවේ. දෙමළ ජාතික සන්ධානය එහි පාලන පක්‍ෂයවේ. එහි සාමාජිකයන් ලෙස සිටින සියළු දෙනාම තමන් දෙමළ ජාතික සනධානයට අයත් පිරිස යන හැඟීමකින් කටයුතු කරන්නේ නම් මෙලෙස කණ්ඩායම් ලෙස බෙදී යෑමට අවශ්‍යතාවයක් නැත. පාර්ලිමෙන්තුව තුල ද අපි කටයුතු කරන්නේ එලෙසය.
කලයිච්චෙල්වන් ( ප්‍රේක්‍ෂකයෙක්) – සුමන්දිරන් මන්ත්‍රීතුමනි! හොඳ බුද්ධිමතකු යැයි හැඳුන්වන ඔබතුමා ජනතා යහපත සම්බන්‍ධ ප්‍රශ්ණවලට දෙමළ ජාතික ජනතා පෙරමුණ පක්‍ෂය උපහාසාත්මක ලෙස දෙන පිළිතුරු නිර්පාක්‍ෂික ජනතාව වේදනාවට පත්කරන අයුරින් තිබේ. සිය පරිණත පිළිතුරු ලබාදිම තුලින් ඔබතුමාගේ ගුණාත්මක භාවය ප්‍රවර්ධනය කරගන්න පුළුවන් නේද? මෙය මගේ සුලු අදහසකි. මෙය පිළිපැදීමෙන් සාමාන්‍ය දේශපාලයෙක් යන තත්වයේ සිට තරමක් වෙනස් බොහෝ දෙනෙකුව හැසුරුවිය හැකි යන විශ්වාසයක් නැද්ද?
පිළිතුර – දෙමළ ජාතික ජනතා පෙරමුණ සඳහා කර මම කිසිම පිළිතුරක් පැවැසුවේ නැහැ, එලෙස ඇතමුන් වටහාගෙන සිටියේ නම් එයට මගේ වගකීමක් නැහැ. ඇත්තෙන්ම කිසිවකුව සඳහන් කර පෙන්වාදිය යුතු යැයි කථා කළේ නැහැ. නමුත් මම පැවැසූ ඇතම් පිළිතුරුවල එවැනි අයත් සිටිය හැක, විශේෂයෙන් මහින්ද රාජපක්‍ෂගේ පාලනය තවඳුරටත් තිබිය යුතු යැයි කැමත්තෙන් සිටියා යැයි මම පැවැසූ විට ඇතමුන් ඔවුන්ව සිතන්නට ඇත. එය වරදක් නොවේ, නමුත් ඔවුන් පමණක් නොවේ ඇතමුන්ගේ සිතීම ආකල්පය යන මාර්ගය වත්මන් තත්වයට නොගැලපෙන අයුරින් නැවැත ජනතාව පීඩාකාරි තත්වයක්ට ඇද දැමීමේ අයුරින් ක්‍රියාත්මකවේ. බොහෝ අවස්ථාවල අපටත් දැඩි කලකිරීමක් ඇතිවෙනවා. නමුත් ඔවුන්ටත් එම අයිතිය තිබෙනවා යැයි සිතා අපි ප්‍රජාතාන්ත්‍රවාදීව කටයුතු කළත් ජනතාවට අනතුරුදායක කටයුතු වගකීමකින් තොරව සිදුකරන අයව මම මදක් තදින් විවේචනය කරනවා.
ගුරුබරන් – දෙමළ ජාතික සන්ධානයට දැන් විපක්‍ෂ නායකය ධූරය, පාර්ලිමෙන්තුවේ මන්ත්‍රීවරුන් වැඩි පිරිසක්ද සිටිනවා, පළාත් සභා දෙකක මන්ත්‍රීවරුන් ද සිටිනවා, ප්‍රාදේශිය සභා මැතිවරණයදී ද බොහෝ දෙනෙකු පැමිණෙයි. පාර්ලිමෙන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති ධූරයක්ද තිබේ. මෙලෙස ශක්තිමත් පක්‍ෂයක් ඇයි දැනට පවතින අර්බුදකාරි තත්වය සමතයට පත්කර ගැනීමට දිස්ත්‍රික්ක වශයෙන් බුද්ධිමතුන්ගෙන් යුතු කමිටුවක් හෝ උගතුන්ගෙන් යුතු කුඩා කණ්ඩායමක් හෝ පත්කර පක්‍ෂය තුල පවතින අර්බුදය තුරන් කර එම ශක්තිය මුළුමනින්ම අද පවතින පාලනයේදී යොදා ජනතාවගේ අයිතිවාසිකම් ලබා ගැනීමටත්, සංවර්ධන කටයුතු සිදු කිරීමටත් ශක්තිමත් අඩිතාලමක් දැමීමට ඇයි ඔබලා වැනි අය ඉදිරිපත් නොවන්නේ?
පිළිතුර – අපි ඉදිරිපත්වී සිටිනවා, මෑතකදී අප පක්‍ෂයේ ශ්‍රේෂ්ඨ සාමාජිකයකු මා වෙත පවසා සිටියා, අන් සියළු දෙනාම මැතිවරණයක් එන විට තමයි ජනතා හමුවීම් පවත්වන්නේ, ඔයා මොකද මැතිවරණයට පසු එලෙස ජනතා හමු පවත්වන්නේ යැයි විමසා සිටියා.. අපි ජනතා හමුවීම් රැසක් පවත්වාගෙන යමින් සිටිනවා, දිස්ත්‍රික්ක රැසක ජනතාව හමුවී සාකච්ඡා කරනවා. නමුත් එය සංවිධානයක් ලෙස හෝ කාලය නාස්ති නොකර ජනතාව අතර තිබෙන සම්බන්‍ධතාවය උපරිමයෙන් පවත්වාගෙන යනවා.. විශේෂයෙන් මා ගත් කළ මම යන සෑම ස්ථානයකම දේශපාලය සම්බන්‍ධ කරුණු, වර්තමාණයේ පවතින තත්වය ගැන ජනතාව දැන ගැනීමට ඉතා උනන්දුවෙන් සිටිනවා, ඒ සඳහා වූ අවස්ථාවන් අපි ලබාදෙමින් සිටිනවා. නමුත් ඉදිරි මාසවල එවැනි හමුවීම් පැවැත්වීමට අසීරු තත්වයක් තිබෙන බව අපගේ පක්‍ෂය අදාල දිස්ත්‍රික්කවලට පවසා තිබෙනවා. මන්ද කොළඹදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා මණ්ඩලයේ කටයුතු කඩිනමින් සිදුකරන හෙයින් දිගටම උතුර නැගෙනහිර ප්‍රදේශවලට ගොස් ජනතා හමුවීම පැවැත්වීමට කාල වෙලාවක් නැති විය හැක. නමුත් අනෙකුත් පිරිස මේ සම්බන්‍ධයෙන් ක්‍රියා කළ පිරිස තවඳුරටත් එය ක්‍රියාත්මක බුද්ධිමතුන් හා ජනතාවගේ අදහස් ලබා ගැනීමේදී උනන්දුවක් දක්වනු ඇති බව අපේක්‍ෂා කරනවා. අපට උතුරට හා නැගෙනහිරට යෑම නොහැකිවූ නමුත් කොළඹ දී අප සමාජයේ ශ්‍රේෂ්ඨයන් සමඟ දීර්ඝ සාකච්ඡාවන් ආරම්භ කර තිබෙනවා.
“මට ජනතාවට පැවැසීමට තිබෙන වැදගත්ම දෙය තමයි විශ්වාසය අතාරින්න එපා, බොහෝ කරුණු සම්බන්‍ධයෙන් අපට කලකිරීමක් තිබෙනවා, කල් ප්‍රමාදයක් ද තිබෙනවා, ලැබිය හැකි යැයි අපි සිතාගත් දේ තවඳුරටත් නොලැබී තිබේ. නමුත් අපි පසුබටවී නැහැ, තවමත් ඉදිරියට යමින් සිටින්නෙමු, වේගය අඩු වුවද අවසන් ඉලක්කය ළඟාවන තෙක් අපි අධිෂ්ඨානයෙන් හා විශ්වාසයෙන් යුතුව ක්‍රියා කළ යුතුයි. විශ්වාසය අතාරින්නේ නැතුව තවඳුරටත් සාධනීය මාර්ගයෙන් අපි අපගේ ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරන බව පවසා සිටින්නෙමි“
ස්තූතියි
– රීසාහ් ජස්මින් –
Add Comment