අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය ගැන බ්‍රිතාන්‍ය ප්‍රසාදය

England Flagඅතුරුදන්වූවන් පිළිබඳ සෙවීමේ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත ශ්‍රී ලංකා ආණ්ඩුව සම්මත කැර ගැනීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යා සිය ප්‍රසාදය පළ කර තිබේ.

අදාළ පනත් කෙටුම්පත සංශෝධන සහිතව පසුගිය (11) වන දින පාර්ලිමේන්තුවේ දී සම්මත කෙරුණි.

රජයේ මෙම කටයුත්ත සංහිඳියා ගමනේ වැදගත් පියවරක් ලෙස සැලකිය හැකි බව බ්‍රිතාන්‍ය පෙන්වාදී තිබේ. මෙම කාර්‍යාලය මඟින් අතුරුදහන්වූවන්ගේ ඥාතින්ට යහපතක් ලබාගත හැකි බව පවසා තිබේ.

තම ඥාතීන්ට සිදුවුයේ කුමක්දැයි දැන ගැනීමට පවුලේ ඥාතීන්ට අවස්ථාවක් ලැබෙන බවත්, මෙ මඟින් සංහිඳියාව ශක්තිමත් කළ හැකි බව ද පවසා තිබේ.

දහස් ගණනක පැමිණිළි විභාග කිරීමේදී අභියෝග රැසකට මුහුණදීමට සිදුවීම පිළිගන්නා බව බ්‍රිතාන්‍යාව වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top