SRILANKAN NEWS

ඉංගිරිය පොලිස් භූමියේ පිපිරීමක්

ඉංගිරිය පොලිසියේ භූමිය තුළ පිපිරීමක් සිදුවී ඇති බව වාර්තා වෙයි.

පිපිරීම නිසා පොලිසිය අසළ වෙළඳසැල් දෙකකට සහ බස් නැවතුම්පළට සුළු හානි සිදුව ඇති බව වාර්තාවේ.

පොලිස් භූමියේ කසළ ගොඩකට ගිනි තැබීමේදී මෙම පිපිරීම වූ බවත්, බැරලයක ගබඩා කළ වෙඩි බෙහෙත් පිපිරී යන්නට ඇති බවත් සැක කෙරේ. ඉංගිරිය පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.