වීසා නැතිව ඇමරිකාවට යාහැකියි යන පුවත තහවුරු කළ නොහැක – විදේශ කටයුතු අමාත්‍යංශය

වීසා නොමැතිව ඇමරිකාවට යාහැකියි යන පුවත තහවුරු කිරීමට නොහැකි බව විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලාංකිකයන්ට වීසා නොමැතිව ඇමරිකාවට ඇතුළු වීමට ඇමරිකාවේ නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අවසර දී ඇතැයි ඇමරිකා වෙබ් අඩවියක පුවතක් පළ කර තිබුණි.

කෙසේ නමුත් වාර්තා වූ පුවත තහවුරු කළ නොහැකි බව විදේශ කටයුතු අමාත්‍යංශය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

මේ සම්බන්ධයෙන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් නිල වශයෙන් දැනුම් දීමක් සිදුවී නැති බවත් එවැනි තොරතුරක් තිබේනම් ඒ පිළිබඳ සොයා බලන බවත් විදේශ කටයුතු අමාත්‍යංශයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් සත්‍යා රොද්‍රිගු පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top