ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහල් මෝල් හිමියන් හා සහල් ආනයනකරුවන් අතර ඊයේ (14) දහවල් ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡා හමුවක් පවත්වා තිබේ.
වෙළඳපොළේ කිසිවිටෙකත් සහල් හිඟයක් ඇතිවිය නොහැකි අතර ජනතාවට සහන මිලකට සහල් ලබාදීම සඳහා නිසි ක්‍රමවේදයක් කඩිනමින් කි‍්‍රයාවට නැංවිය යුතු බවත්, වෙළෙදපොළේ සහල් හිඟයක් ඇතිවීමට ඉඩ නොතබා සාමාන්‍ය ජනතාව පීඩාවට පත් නොවන අයුරින් සහන මිලකට සහල් ලබාදීම සියලුදෙනාගේ වගකීමක් බව ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබේ.
සහල් මෝල් හිමියන් මුහුණ දී ඇති ගැටලු සහ සහල් මිල පිළිබඳ පවතින ගැටලුවට ලබාදිය හැකි විසදුම් පිළිබඳ යෝජනා ද මෙහිදී ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කර තිබේ.
Add Comment