ජාතික සහජීවනය ගොඩනැගීමට සදාචාරත්ම අධ්යාපනය ප්‍රවර්ධනය කිරීමේ කටයුතු අවශ්‍යයි – ඩග්ලස්

ජාතික සමගිය සහ ප්රතිසන්ධානය ගැන දින සහ සති ප්‍රකාශ කර එය සැමරීම තුළින් පමණක් මෙරටතුල ජාතික සමගියක් හෝ සහජීවනයක් අප ජනතාව අතර ඇති නොවන බව ඊ.පී.ඩි.පී. පක්‍ෂයේ මහ ලේකම් ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

එයට අදාළ අංශ සොයා බලා එය ප්‍රවර්ධනය කළ යුතුය. ඒ අනුව මෑතකදී ජනාධිපතිවරයා පැවැසූ පරිදි ජාතික සමඟිය හා ප්‍රතිසන්ධානය ඇති කිරීමට නම් සදාචාරත්ම අධ්‍යාපනය හොඳ ආරම්භයක් බවද ඩග්ලස් දේවානන්දා මහතා පවසා තිබේ.

තවද රටේ සදාචාරත්ම අධ්‍යාපනය නඟා සිටුවීමට වත්මන් රජය පියවර ගත යුතු බව ඒ මහතා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top