SRILANKAN NEWS

බුද්ධි අංශ නිලධාරියාට වන්දිගෙවන්නැයි ගෝඨාභයට නියෝග

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළව මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ලසන්ත ඝාතනයේ සැබෑ තතු වසන් කිරිම සඳහා බොරු චෝදනා ඉද්රිපත් කරමින් අත්අඩංගුවටගෙන වසරකට අධික කාලයක් රැඳවුම් භාරයේ තබා සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශයේ නිලධාරියෙකුට වන්දි ගෙවන ලෙස එවකට ආරක්ෂක ලේකම් ඝෝඨාභය රාජපක්ෂ ඇතුළු හතරකට එරෙහිව පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර තිබේ.

බොරු චෝදනා කරමින් තමන්ව එසේ රඳවා තබාගැනීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයිද ඒ සඳහා වන්දියක් ගෙවන ලෙසද ඉල්ලමීන් ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශයේ ලාන්ස් කෝප‍්‍රල්වරයෙකු වන කේ. පියවංශ විසින් ගොනු කර තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, නියෝජ්‍ය පොලිස්පත් ඩී.එස්. වාකිෂ්ඨ, හිටපු අතිරේක ආරක්ෂක ලේකම් එස්. හෙට්ටිආරච්චි, පොලිස් පරීක්ෂක බෝගමුව යන අය නම් කර ලැබ සිටියහ.

ඒ අනුව එම හමුදා බුද්ධි අංශ නිලධාරියාට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ගෝඨාභය රාජපක්ෂ ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝග කර ඇත.

විනිසුරු සිසිර ද ආබෲ, උපාලි අබේරත්න සහ අනිල් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම විභාග වී තිබේ.

– ලංකා ටෘෘත් –