ෆේස්බුක් ඔස්සේ මුදල් වංචා කල නයිජීරියානු ජාතිකයින් 10 ක් රිමාන්ඩ්

ෆේස්බුක් සමාජ ජාල අඩවිය මගින් සම්බන්ධතා පවත්වමින් මෙරට විවිධ පුද්ගලයින්ගේ මුදල් ලක්ෂ ගණනින් වංචා කළ නයිජීරියානු ජාතිකයින් 10 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙරට පුද්ගලයන්ව ෆේස්බුක් හරහා හඳුනාගෙන ඔවුන්ගෙන් මුදල් සිය ගිණුම්වලට බැර කර ගැනීමට මෙම නයිජීරියානු ජාතිකයන් කටයුතු කර තිබෙන අතර, ඔවුන් වංචා කර ඇති මුදල කෝටි 2කට ආසන්න බව පොලීසිය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

මාලඹේ ප්‍රදේශයේ තාවකාලිකව රැඳී සිටියදී අත්අඩංගුවට ගත් ඔවුන්ගේ වීසා කාලය ද අවසන් වී ඇැති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top