SRILANKAN NEWS

මෙය ගුවන් හමුදා කඳවුරකි, ඇතුල්වීම තහනම් – කේප්පාපිලවු ප්‍රදේශයේ දැන්වීම් පුවරු දමයි..

කේප්පාපිලවු ප්‍රදේශයේ භාෂා තුනෙන්ම දැන්වීම් පුවරු දමා තිබේ. තම ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලා ඉඩම් හිමිකරුවන් විසින් අඛණ්ඩ සත්‍යග්‍රහයක් පවත්වාගෙන යන අවස්ථාවකදී, මෙය ගුවන් හමුදා කඳවුරකි, ඇතුල්වීම තහනම් යැයි කේප්පාපිලවු ප්‍රදේශයේ දැන්වීම් පුවරු දමා තිබේ. තම ඉල්ලීම ඉටු නොකළේ නම් බාධාවන් නොතකා තම ඉඩම්වලට යෑමට සිදුවනු ඇති බවට කේප්පාපිලවු ජනතාව අනතුරු අඟවා තිබුණි. මෙවැනි තත්වයකදී ඉකුත් ඉඩම්වල ගුවන් හමුදාව විසින් මෙලෙස දැන්වීම් පුවරු ප්‍රදර්ශණය කර තිබේ.