කළුතර බෝට්ටු අනතුරට පත් වූවන්ට ජනපති ශෝකය පළ කරයි..

කළුතර කටුකුරුන්ද මුහුදු ප‍්‍රදේශයේදී බෝට්ටුවක් පෙරළීයාමෙන් සිදු වූ අනතුර පිළිබඳ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සිය බලවත් කණගාටුව පළ කරයි.

අනතුර සැළ වූ වහාම අදාළ අංශ දුරකථනයෙන් සම්බන්ධ කරගත් ජනාධිපතිතුමා විපතට පත්වූවන් ගලවා ගැනීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස නාවික හමුදාව සහ පොලීසිය වෙත උපදෙස් දුන් අතර, අනතුරට පත්වූවන්ට අවශ්‍ය ප‍්‍රතිකාර කටයුතුද කඩිනමින් සිදුකරන ලෙස බලධාරින් දැනුවත් කළේය.

එමෙන්ම අනතුරින් මිය ගිය සියලුදෙනාගේ පවුල්වල ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කරන ජනාධිපතිතුමා, රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන සියලුදෙනාට ඉක්මන් සුවය ප‍්‍රාර්ථනා කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top