ප්‍රභාකරන්ගේ රුව සහිත ටී ෂර්ටයක් මහනුවර වෙළඳසැලකින් හමුවේ

14-08-2016-02_CIමහනුවර නාගරික වෙළඳ සංකීර්ණයේ වෙළදසලක තිබී ප්‍රභාකරන්ගේ රුව සහිත ටී ෂර්ටයක් සොයාගෙන තිබේ.

විකීණීමට ගෙනා රෙදි තොගයක් අතර තිබී එල්.ටී.ටී.ඊ නායක වේඵපිල්ලේ ප්‍රභාකරන්ගේ රුව හා ඊළාම් රාජ්‍යය යයි කියන සිතියමක් සලකුණු කරන ලද ටී ෂර්ටයක් මෙලෙස සොයාගෙන තිබේ.

වෙළඳසැලේ විකිණීම සඳහා ගෙන්වූ රෙදි තොගය අතර මෙම ටී ෂර්ටය තිබීම දුටු වෙළඳසැලේ හිමිකරු වහාම පොලීසියට දැනුම් දී තිබේ. මහ නුවර පොලිසිය විසින් රෙදි එවු පුද්ගලයාගෙන් ප්‍රකාශයක්  ලබාගැනීම සඳහා වැඩිදුර විමර්ශණ කටයුතු ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top