දුම්රියට ගල් ගසන්නන් අත්අඩංගුවට ගැනීමට ආරක්‍ෂක නිළධාරින් යොදවයි..

Train Gtn 01ධාවනය වන දුම්රියට ගල් ගැසීම හේතුවෙන් දුම්රියට හා මගීන්ට සිදුකරන හානි වැළැක්වීම සඳහා  ගිනි අවි සහිත ආරක්‍ෂක නිළධාරීන් යෙදවීමට දුම්රිය දෙපාර්තුමෙන්තව තීරණය කර තිබේ.

අඩු ගණනේ එක් දුම්රියකට සන්නද්ධ ආරක්ෂකයන් සිව් දෙනකුද යෙදවීමට තීරණය කර තිබේ.

මේ අතර, පානදුර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියකට අද (14) උදේ කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානයට අසල ගල් ගැසූ බව කියන තරුණයන් හතර දෙනෙක් කොටුව දුම්රිය ආරක්ෂක නිළධාරින් විසන් අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔවුන්ව තවඳුරටත් රඳවාගෙන ප්‍රශ්ණ කරන බව පොලිසිය පවසයි.

පසුගිය දා උතුරු දුම්රිය මාර්ගයේ ධාවනය වූ දුම්රියකට ගල් ගැසීම නිසා මගියෙක් මියගොස් තවත් කිහිපදෙනෙක් තුවාල ලදහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top