සයිටම් විරෝධය – දකුණේ වෛද්‍යවරුන් අද වැඩ වර්ජනයක

මාලඹේ සයිටම් පෞද්ගලික ආයතනය වහාම අහෝසි කරන ලෙස ඉල්ලමින් අද දකුණු පළාතේ සියළුම රෝහල්වල වෛද්‍යවරු, හෙද හෙදියන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, අද දින වර්ජනයක නිරත වීමට නියමිතය.

මෙම වර්ජනය සඳහා රජයේ වෙවද්‍ය නිලධාරීන්ගේ සංගමය, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය නියෝජනය කරන සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගම ඇතුළු වෘත්තීය සමිති සම්බන්ධ වී සිටී.

එමෙන්ම රජයේ වෙවද්‍ය නිලධාරීන්ගේ සංගමය, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය සහ වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව එක්ව විරෝධතා පාගමණක් සහ රැලියක්ද සංවිධානය කර තිබේ.

එය අද (21) පස්වරු 1ට කරාපිටිය රෝහල අසළ සිට ගාල්ල නගරය දක්වා විරෝධතා පා ගමනක් ගොස් පස්වරු 3ට ජන රැලිය පැවැත්වීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top