නිරෝෂන් දික්වැල්ලට තරඟ තහනමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ලට තරඟ නීති උල්ලංගනය කිරීම සම්බන්ධයෙන් චෝදනා යටතේ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් තරඟ තහනමක් පනවා ඇත.

ඒ අනුව ඔහුට මීලඟට පැවැත්වීමට නියමිත ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තුන්වන ටී20 තරඟය හා එක්දින තරඟය තහනම් කර ඇති බව වාර්තාවේ.

මේ අතර, අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් පැනවූ තරග තහනමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාට උපදෙස් දී ඇති බවද වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top