SRILANKAN NEWS

ශ්‍රී ලංකාවේ වරාය සංවර්ධනයට නෝර්වේ රජයෙන් සහාය

ශ්‍රී ලංකාවේ වරාය පද්ධතියේ සංවර්ධනය සඳහා ආයෝජනය කිරීමට නෝර්වේ රාජ්‍ය සූදානම් බව ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති Thorbjorn Gaustadsaether මහතා පවසයි. වරාය සහ නාවික අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගිවෙමින් තානාපතිවරයා මේ බව පවසා තිබේ.

“නෝර්වේ කියන්නේ කුඩා රටක්. මෙරට වරාය පද්ධතිය සඳහා ඉන්දියාව, චීනය වගේ විශාල ආයෝජන කරන්න අපිට අපහසුයි. නමුත් වරාය ගැන වූ දැනුම් සම්භාරයක් සහ අත්දැකීම් රැසක් අපිට තියෙනවා. දියුණු තාක්ෂණයක් අප සතුව පවතිනවා. විශේෂයෙන්ම වරාය හා සම්බන්ධ විවිධ විෂයන් තියෙනවා. තාක්ෂණය, බල ශක්තිය, බහළු ප්‍ර‍වාහනය, පර්යන්ත මෙහෙයුම සහ සේවා සැපයුම් ඊට උදාහරණ. ශ්‍රී ලංකාවට අවශ්‍ය නම් අපිට පුළුවන් ඒ ඒ ක්ෂේත්‍ර‍වලට අදාළව මෙරට වරාය පද්ධතියෙහි ආයෝජනය කරන්න. විශේෂයෙන්ම පරිසර දූෂණය වැළැක්වීමට සමත් දියුණු තාක්ෂණයක් අප සතුව තියෙනවා. විදුලි උත්පාදනය සඳහා වූ ස්වාභාවික ගෑස් පර්යන්ත ආශ්‍රිතව ප්‍ර‍වාහනය කිරීම සම්බන්ධයෙන් මහඟු අත්දැකීම් අප සතුව පවතිනවා. අපිට පුළුවන් මේ ක්ෂේත්‍ර‍ ආශ්‍රිතව මෙරට වරාය පද්ධතියට ආයෝජනය කරන්න

ශ්‍රී ලංකාව භූගෝලීය වශයෙන් ඉතාම වැදගත් ස්ථානයක පිහිටි රටකි. මේ හේතුවෙන් නාවික කේන්ද්‍ර‍ස්ථානයක් ලෙස දියුණුවීමේ හැකියාව ශ්‍රී ලංකාවට නිසැක ලෙසම පවතී. ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති Thorbjorn Gaustadsaether මහතා පවසන්නේ, ලෝක වෙළඳාමේ තරගකාරීත්වයට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය ශ්‍රී ලාංකිකයින් සතුව තිබෙනවා

ශ්‍රී ලංකාව, සිංගප්පූරුව සහ ඩුබායි මුහුදු මාර්ගයේ මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කළ යුතු බවට ඔවුන් හඳුනාගෙන තියෙනවා. ඇත්ත වශයෙන්ම නාවික කර්මාන්තයේ සියලු දෙනාම මේ කලාපය ගැන දැඩි විමසිල්ලෙන් සිටින්නේ. ප්‍ර‍ති අපනයනයට ශ්‍රී ලංකාව වඩාත් සුදුසුද ? ශ්‍රී ලංකාවේ නැංගුරම් පහසුකම් වඩාත් ඉදිරියෙන් තිබේද ? යන්න ගැන ඔවුන් නිතර සොයා බලනවා. මේ නිසා වරාය වගේම වරාය පහසුකම්ද ශ්‍රී ලංකාව විසින් සංවර්ධනය කළ යුතුයි…..” යැයිද ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති Thorbjorn Gaustadsaether මහතා වැඩිදුරටත් පවසා තිබේ.