විල්පත්තුවේ වන විනාශයක් නෑ – උතුරු පළාත් සභාව

විල්පත්තු අභයභූමියට නැවත පදිංචි කිරීම් වලින් කිසිදු හානියක් සිදුව නොමැති බවටත් විල්පත්තුවේ වන විනාශයක් සිදු නොවන බවටත් කියමින් උතුරු පාළාත් සභාවට ගෙනා ආ යෝජනාවක් ඒකමතිකව සම්මත විය.

උතුරු පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී වී ජයතිලක මහතා යෝජනාව ඉදිරිපත් කළ අතර පළාත් සභාවේ පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රී වරුන්ගේද සහයෙන් දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී ඒ අයූබ් මහතා එය ස්ථිර කළේය.

‘‘විල්පත්තුව අල්ලගෙන මේ වන විට බේරුවල වගේ උතුරෙත් ජාතිවාදය වපුරන්න හදනවා. සමහර මාධ්‍ය හා විවිධ පාර්ශ්ව ජාතිවාදය පතුරවමින් අසත්‍ය ප්‍රචාරයක් පතුරනවා. විල්පත්තු පදිංචි වෙනවා කියන මිනිස්සු අවුරුදු 22 කකට පස්සේ නැවත මුල් ගම්බිම් වලට ඇවිත් ඉන්නේ. ඒහෙම එනකොට තමන්ගේ ගෙවල් තිබුණු තැන් වල ලොකු ගස් හැදිලා. මේ රටේ සිංහල හෝ දෙමළ හෝ මුස්ලිම් කෙනෙක් පළමුව අවතැන් වෙලා නැවත ඒ අයගේ මුල් ඉඩම්වල පදිංචි වීමේ අයිතිය උරුමය තියනවා. ඒක නැති කරන්න කිසිවෙකුට අයිතියක් නැහැ. ‘ යැයි වී ජයතිලක මහතා කීවේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top