ජනාධිපතිවරයා ගැන තමන්ට සැකයක් තිබෙන බව උතුරු පළාත් සභා මන්ත්‍රී සු. සුකිර්දන් මහතා පවසයි.
ඊයේ (21) දින පැවැති උතුරු පළාත් සභා සැසිවාරයේදී සුකිර්දන් මහතා මේ බව පවසා සිටියේය.
මත්ද්‍රව්‍යවලින් තොර රටක් ලෙස ශ්‍රී ලංකාව පත්කළ යුතුයි, මත්පැන් භාවිතාව අඩු කළ යුතු යැයි ජනාධිපතිවරයා වේදිකාවල දී පවසා සිටින නමුත්, ඒ සඳහා ඵලදායී කටයුත්තක් ක්‍රියාත්මක කිරීම දැකින්නට නැහැ, කෝවිල්, පාසල් අසල සුරාසැල් දැකින්නට තිබෙනවා, ඒවා වසා දැමීමට කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ, මත්පැන් භාවිතාව අඩු කිරීමට නම් සුරාසැල් වසා දැමිය යුතුයි. ඒ සඳහා ජනාධිපතිවරයා කඩිනමින් පියවර ගත යුතු යැයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
Add Comment