මෙහි පැමිණ අපි සමඟ ඉන්නේ නැතුව සාධනීය විසඳුමක් ලබා ගැනීමට ක්රියාමාර්ගයක් ගන්නා ලෙස කිලිනොච්චියේ අරගලයේ නිරතව සිටින දෙමළ ජනතාව විසින් ඔවුන්ගේ දේශපාලන නියෝජිතයන් වෙත ඉල්ලා තිබේ.
කිලිනොච්චියේ පසුගිය සඳුදා දින ආරම්භ කළ අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ අරගලය සහ පරවිපාන්චාන් ජනතාවගේ ඉඩම් නිදහස් කර ගැනීමේ අරගලය අඛණ්ඩව පවත්වාගෙන යමින් සිටිති. ඉකුත් අරගලයේ නිරතව සිටින ජනතාව තමන් තම දේශපාලන නියෝජිතයන් විසින් රැවටීමට ලක්වී ඇති බවත්, ඉඩම්, අතුරුදන්වූවන් සහ දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් විටින් විට පොරොන්දු පමණක් ලබාදී නොසලකා හරින බවත්, මේ සම්බන්ධයෙන් ඔවුන් කිසිඳු සාධනීය ක්රියාමාර්ගයක් ගෙන නොමැති බව ද පවසා තිබේ.
තවද තම අරගලයට සහාය පළ කරනවා යැයි පවසා මෙහි පැමිණ අපි සමඟ පැය කිහිපයක් රැඳී සිට ආපසු යෑම ගැන තමන්ට කිසිඳු කැමැත්තක් නැති බවත්, පසුගිය කාලයේ කටයුතු කළ අයුරින් නොව යම්කිසි සාධනීය ක්රියාමාර්ගයක් ගැනීමට උත්සහ කරන්නැයි එම ජනතාව දේශපාලන නියෝජිතයන්ගෙන් ඉල්ලා තිබේ.
Add Comment