SRILANKAN NEWS

නාවික හමුදාපතිට ජනපති විසින් සේවා දිගුවක්

නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සේවා දිගුවක් ලබා දී තිබේ. මෙම සේවා දිගුව අද (22) සිට බල පැවැත්වෙන පරිදි මාස 06ට වලංගු බව ද වාර්තාවේ.

සේනාධිනායකයා ලෙස ජනාධිපතිවරයාට ඇති බලතල අනුව මෙම සේවා දිගුව ලබා දී තිබේ.

වයිස් අද්මිරාල් රවින්ද්‍ර (රවි) විජේගුණරත්න කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා, 1980 වසරේ නොවැම්බර් 01 වන දින 09 වන බඳවාගැනීමට අයත් කැඩෙට් නිලධාරියෙකු ලෙස නාවික හමුදාවට එක්ව ඇත.