කිලිනොච්චිය විරෝධතාවයට වෙළඳසැල් ව්‍යාපාරිකයන් එක්වෙයි..

කිලිනොච්චියදී පසුගිය සඳුදා දින ආරම්භ කළ අතුරුදන්වූවන් පිළිබඳ සහ පරවිපාන්චාන් ඉඩම් නිදහස් කිරීමේ අරගලයට වෙළඳසැල් ව්‍යාපාරිකයන් ද සහාය පළ කර තිබේ.

අද බ්‍රහස්පතින්දා දින වෙළඳසැල් වසා දැමූ ව්‍යාපාරිකයන් අතුරුදන්වූවන් වෙනුවෙන් අරගලය පවත්වාගෙන යන කන්දසුවාමි කෝවිල දක්වා පාගමනින් ගොස් සිය සහාය පළ කර තිබේ.

දෙමළ ජනතාවගේ ඉඩම් ප්‍රශ්ණය, අතුරුදන්වූවන්ගේ ප්‍රශ්ණය, සහ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම යන ප්‍රශ්ණවලට විසඳුමක් ලබා දෙන බවට වත්මන් රජය පවසා තිබුණි. දෙමළ ජනතා නියෝජිතයන් ද මේ සම්බන්‍ධයෙන් අපට පොරොන්දු ලබාදී තිබුණි. කෙසේ නමුත් මෙම රජය ධූරයට පැමිණ වසර දෙකක් අවසන්වී ඇති නමුත් කිසිවක් සිදුකර නැහැ, පසුගිය රජය මෙන් වත්මන් රජය ද කටයුතු කරමින් සිටියි. නමුත් දෙමළ ජනතාවගේ නියෝජිතයන් ද මෙම රජයට නිසි බලපෑමක් සිදු නොකර ඔවුන්ට සහාය ලබා දෙමින් සිටින බවට කිලිනොච්චිය වෙළඳසැල් ව්‍යාපාරිකයන් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top