SRILANKAN NEWS

ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විග්නේෂ්වරන් කොළඹට

රෝගී තත්ත්වයක් හේතුවෙන් යාපනය මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් කොළඹ පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කර ඇති බව වාර්තාවේ.

උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා ශ්වසන රෝග තත්ත්වයක් හේතුවෙන් යාපනය රෝහලට ඇතුළත් කර තිබේ. මීට පෙර අවස්ථා කිහිපයකදී ද ඔහු රෝගී තත්ත්යන් හේතුවෙන් ප‍්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කර තිබුණි.