SRILANKAN NEWS

ශ්‍රී ලංකා රජය ආරක්‍ෂා කරන රටවල්හි තානාපති කාර්‍යාල වටලා උද්ඝෝෂණ කරනවා – ආනන්දි සසිදරන්

ශ්‍රී ලංකා රජය ආරක්‍ෂා කරමින් සිටින රටවල්හි තානාපති කාර්‍යාල සියල්ල ඉදිරි සතියේ වටලා උද්ඝෝෂණය කිරීමට තීරණය කර ඇති බව උතුරු පළාත් සභා මන්ත්‍රීනි ආනන්දි සසිදරන් පවසයි.

උතුරේ ජනතාව විසින් පවත්වාගෙන යන ඉඩම් නිදහස් කර ගැනීමේ අරගලය සහ අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ අරගලයට සහාය පළ කරමින් යාපනයේ දී අද දින පැවැති උද්ඝෝෂණයකට සහභාගි වෙමින් ඇය මේ බව පවසා තිබේ.

තවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන සමයේදී තර්ජන රැසක් මැද විරෝධතා ගණනාවක් පවත්වා ඇති බවත්, යහපාලන රජයේ ආරම්භ කාලයේදී එය අඩුවී තිබූ නමුත්, ඉඩම් නිදහස, අතුරුදහන්වූවන් සහ දේශපාලන සිරකරුවන්ගේ නිදහස් සම්බන්‍ධයෙන් යළි අරගල කිරීමට ජනතාවට සිඳුව ඇති බවද ඇය වැඩිදුරටත් පවසා තිබේ.