කේප්පාපිලවු ඉඩම් අරගලයට ගුරු සංගමයේ සහාය

තම ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා පසුගිය දින 27ක් තිස්සේ අරගලය යෙදී සිටින කේප්පාපිලවු, පිලක්කුඩිඉරුප්පු ප්‍රදේශවාසීන්ට ශ්‍රී ලංකා ගුරු සංගමය ද සහාය පළ කර තිබේ.

අද දින කේප්පාපිලවු ප්‍රදේශයට පැමිණි ශ්‍රී ලංකා ගුරු සංගමයේ නියෝජිතයන් තම සහාය පළ කර සිටි අතර, අරගලයේ නිරතවූ ජනතාවට අවශ්‍ය අහාර ඇතුළු සහන ද්‍රව්‍ය ද ලබාදුන්හ.

ශ්‍රී ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු, ලේකම් ජෝසෆ් සටෑලින් ඇතුළු අනුරාධපුරය, කොළඹ, යාපනය, වව්නියාව, මුල්ලතීව් දිස්ත්‍රික්කවල සිංහල, දෙමළ, සහ මුස්ලිම් ගුරුවරුන් මෙම අවස්ථාවට සහභාගිවූහ.

එහිදී අදහස් ප්‍රකාශ කළ ජෝසෆ් ස්ටෑලින් මහතා, තම ඉඩම්වල ජීවත්වීමට අවසර ලබාදිය යුතුයි යන කේප්පාපිලවු ජනතාවගේ සාධාරණීය ඉල්ලීම ගැන රජය අවධානය යොමු කළ යුතු යැයි පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top