බුදු දහම ආරක්‍ෂා කිරීමට පියවර ගන්නවා – ජනපති

මනුෂ්‍යත්වය, මානව දයාව පමණක් නොව හැදියාව ද යටපත් කරමින් තරගකාරිත්වයට පමණක් මුහුණ දී තිබෙන වර්තමාන සමාජය සුවපත් කිරීමට ඇති එකම මග ආගමික දර්ශනය බවත් බුදු දහම ආරක්‍ෂා කිරීමට පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබේ.

ඊයේ (26) පස්වරුවේ රත්නපුර, පැල්මඩුල්ල ගණේගම අරමණපොල රජමහා විහාරයේ දෙතිස් ඵලරුහ බෝධි රන්වැට හා අටවිසි විහාර මන්දිරය විවෘත කිරීමේ පුණ්‍යෝත්සවයට සහභාගිවෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

තරුණ පරපුර ආගමික ස්ථාන වෙත නැඹුරු කරමින් යහපත් සමාජයක් ගොඩනැගීමට මහා සංඝරත්නය, අන්‍යාගමික නායකයින් ඇතුළු සියලුදෙනා වහා ඒකරාශීවීමේ අවශ්‍යතාවය මතුව ඇති බව ද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top