පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයකු මිය යෑමේ සිද්ධියට සම්බන්‍ධ පොලීසියේ 05ක් අත්අඩංගුවට

පෑලියගොඩ පොලිසියෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු මිය යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට එම පොලිසියේම පස් නිලධාරීන් දෙනෙකු පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට නෙ තිබේ.

අත්අඩංගුවට ගත් පොලිසියේ පිරිස අතර උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ පොලිස් කොස්තාපල්වරු තිදෙනෙක් සිටිති.

මෝටර් රථයක් මංකොල්ලකෑමේ සිද්ධියක් මත අත්අඩංගුවට ගත් සැකකරුවකු මිය යෑම සම්බන්ධයෙන් පැවැති මරණ පරීක්ෂණයේදී ඇතිවූ සැකයක් මත විමර්ශන කළ බවත්, ඒ අනුව පොලිසියේ පස් දෙනා අත්අඩංගුවට ගත් බවත් පොලීසිය සඳහන් කරයි.

කෙසේනමුත් වෛද්‍ය වාර්තාවේ සඳහන්ව ඇතැයි පැවසෙන්නේ මියගිය තරුණයාගේ ශරීරය පුරා තැලීම් සිදුව ඇති බැවින් ශරීරය තුළට ලේ වහනය වීම නිසා හෝ විජලනය නිසා මොහු මරණයට පත්වන්නට ඇති බවය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top